කකුල් ගෙවුණු මලල ක්‍රීඩාවේ “ඇණ” ගෙවෙන කාලයක්
|www.ceylonathletics.com: වසර දෙකක අධික කාලයක් හරිහමන් ධාවන පථයක තරග වැදීමේ අවස්ථාව නොලද මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, තවත් වසරක් එහෙමත් නැත්නම් ඊට වැඩිකාලයක් එම ශෝචනීය ඉරණමම අත්වනු ඇත.
මලල ක්‍රීඩාවේ මහගෙදර වන සුගතදාස ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථයෙන් සොරා කෑ, නිළධාරීන්ට අදවන තෙක් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇතුවා මෙන්ම විනාශවී ගිය ධාවන පථය යලි එළීමට හෝ කටයුතු කිරීමට වත්මන් අමාත්‍යවරයාට හො නිළධාරීන්ට හැකිව නැත.
අයවැයින් ප්‍රතිපාදන ලබා දී ඇතත්, නීත්‍යානූකූල ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකිරීම මත සුගතදාස ධාවන පථය පිළිසකර කිරීම ඇණ හිට තිබේ.
කටින් බතල හා වැඩබැරි ටාසන්වරු.
ක්‍රීඩාවට අරක්ගත් නිළධාරීන් හා බළධාරීන්ගේ ගිරයට හසුව ඇත්තේ, මෙරට ක්‍රීඩාව හා ඒ කරුමයට කරගසා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනෙන් දින ක්‍රීඩාව අතැර තමන්ගේ වැඩක් බලා ගැනීමට යොමුවන අතර, නිළධාරීන් හා බළධාරීන් මීළඟ විදෙස් සංචාරයට ඇඟිලි ගනිමින් සිටී.
ක්‍රීඩාවේ සිටි ජ්‍යේෂ්‍යඨයින් ද තම යුතුකම ලෙස සලකා කටයුතු කරන්නේ, ක්‍රීඩාව නගා සිටුවීම නොව තම සුඛවිහරණය වෙනුවෙන් වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත හෙළීමයි.
බාලගිරි දෝශය
සුගතදාස ධාවන පථයට “බාලගිරි දෝශය” ඇතිව ඇත්තා සේම, දියගම ධාවන පථයේ ද කළ දසාව අවසන්ව ඇත.
සියලු දෝශ නිවාරණය වී ඇතුවා සේ, අමාත්‍යවරයා පසුගිය දා “හරි ඒක හරි, කැඩිච්ච තැන් දැන් හදල දුවන්න පුළුවන්.” යැයි පැවසුව ද. දුවන්නෝම එය දනී.
කටින් බතල සිටුවීම අවසන් වන්නේ කවදාද ?
පැලැස්තර යොදා ලොව ජයගැනීමට නොහැකි බව ඒත්තු ගැනීමට කාලය එළඹ තිබේ.