කණිෂ්ඨ තරගාවලියෙන්, යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අවස්ථා රැසක්

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මගින් මෙම සති අන්තයේදී පැවැත්වෙන  කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී, යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරග අවස්ථා රැසක් හිමිවීමට නියමිතය.

වයස අවුරුදු 18 න් පහළ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම අවස්ථා හිමිවනු ඇත.

තායිලන්තයේ දී ලබන මස 20 වැනි දා සිට ආරම්භ වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට කණ්ඩායමක් තෝරාගැනීම මෙහිදි ප්‍රධාන වශයෙන් සිදු කිරීමට නියමිතය. ඊට කෙන්යාවේ නයිරෝබි නුවර දී ජූලි මස 12 – 16 දක්වා පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව මෙන්ම, පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම අවශ්‍ය දක්ෂතාවන් පහත පරිදි වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල  ජූලි මස 19 වැනි දා සිට බහාමාස් හීදී පැවැත්වේ.

එසේම,  ආර්ජන්ටිනාවේදී ලබන වසරේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල ට සුදුසුකම් ලබා ගැනීමට මෙන්ම යොවුන් ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් සඳහා සංචිත ගත කිරීමට ද මෙම තරගාවලිය උපකාරීවනු ඇත.

 

Leave a Reply

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org