රත්නපුර පැවැත්වීමට නියමිතවූ ජාතික මහා ක්රීඩා උළෙල මාතරට
|මෙම වසරේ ජාතික මහා ක්රීඩා උළෙල මාතර දී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ යාපනේ දුරේ අප්පා ක්රීඩාංගණයේදී පැවැති ජාතික මහා ක්රීඩා උළෙලේ සමාප්ති උළෙලේ දී, මෙම වසරේ දී රත්නපුර පැවැත්වීමට තීරණය කළේය.
ඉහත ක්රීඩා උළෙලට සත්කාරකත්වය දැරීම සඳහා රත්නපුර නාගරික ක්රීඩාංගණයේ ප්රමාණවත් පහසුකම් නොමැතිවීම මත මෙම තීරණය ගෙන තිබේ.
ජාතික මහා ක්රීඩා උළෙල මෙම වසරේ ඔක්තෝබර් හෝ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.