දෙවැනි තේරීම් ( Trial) තරගාවලියට අවම පරිසාධන මට්ටමක් (අයදුම්පත)
|ජාතික මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රියාත්මක කරන දෙවැනි තේරීම් තරගාවලිය (Trial) ජූනි මස 1 හා 2 දිනයන් හීදී පැවැත්වේ.
ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මසකින් කල් දැමීම හේතුවෙන්, මැයි මස 3 සහ 4 දිනයන් හීදී පැවැත්වීමට නියමිතවූ දෙවැනි තේරීම් තරගාවලිය (Trial) මෙසේ කල් දැමීමට තීරණය විය.
ඒ සඳහා මෙවර පරිසාධන මට්ටමක් ඉදිරපත් කර ඇති අතර, වසරේ හොඳම දක්ෂතාව අනුව ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට මෙම තේරීම් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව තිබේ.
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජූලි මස 6 වැනි දා සිට 9 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.
මීට පෙර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියම වූයේ, ජූනි මස පළමු සතියේ දීය.
ජූනි මස 1-2 පැවැත්වෙන තේරීම් (Trial) තරගාවලියේදී, ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙන්ම, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමිවේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉදිරිපත් කළ පරිසාධන මට්ටම් පහත පරිධිවේ.
Entry Standard | ||
Men | Events | Women |
11.10sec | 100M | 12.80sec |
22.40sec | 200M | 26.00sec |
48.80sec | 400M | 58.00sec |
1:56.00sec | 800M | 2:22.00sec |
4:00.00sec | 1500M | 4:52.00sec |
15:30.00sec | 5000M | 18:30.00sec |
32:00.00sec | 10000M | 39:00.00sec |
9:35.00sec | 3000M St Ch | 11:45.00sec |
100M Hurdles | 16.50sec | |
15.40sec | 110M Hurdles | |
55.00sec | 400M Hurdles | 65.00sec |
2.00M | High Jump | 1.58M |
7.20M | Long Jump | 5.50M |
14.80M | Triple Jump | 12.00M |
4.30M | Pole Vault | 3.00M |
12.75M | Shot Put | 10.50M |
38.00M | Discus Throw | 34.00M |
62.00M | Javelin ‘throw | 38.00M |
40.00M | Hammer Throw | 38.00M |
Heptathlon | 3500Points | |
5000Points | Decathlon |
තරගාවලිය සඳහා වන අයදුම් පත මෙතතින් භාගත කරන්න (Download)
තේරීම් තරගාවලිය පැවැත්වෙන කාල සටහන පහත පරිදි වේ.
(මෙය පළමු තේරීම් තරගාවලිය පැවති කාලසටහනට අනුව ක්‍රියාත්මක වනු ඇත.)