බෝල්ට් ජැමෙයිකාවට සමුදෙයි

By www.ceylonathletics.com | | Latest News, Sinhala, Top Stories

ලෝව වේගවත්ම ක්‍රීඩකයා වන උසේන් බෝල්ට් අද ජැමෙයිකානු ක්‍රීඩා ලොලීන් වෙත සිය සමුගැනීම සටහන් කිරීම අනුවේදනීය දසුනක් විය.

මෙම වසරේ පළමු තරගයට සහභාගීවෙමින් අද (11) අළුයම උසේන් බෝල්ට් ජමෙයිකාවේ දී තරග වැදුණ අතර එය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමට පෙර සිය මව් රටේ ක්‍රීඩා කළ අවසන් තරගයවේ.

ක්‍රීඩා ලෝලීන් 33000 කට අධික පිරිසකගේ ඉදිරියේ තරග කල බෝල්ට් තත්පර 10.03 ක කාලයක් වැය කරමින් තරගය අවසන් කළේය.

සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අපොහොසත් වුවත්, ජයග්‍රාහීව සිය මව් රටට සමුගැනීම ප්‍රකාශ කිරීමට බෝල්ට්ට හැකි විය.

අගෝස්තු මස එංගලන්තයේ දී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් පසුව බෝල්ට් ජාත්‍යන්තර තරග බිමට සමුදීමට තීිරණය කර තිබේ.

බෝල්ට්ගේ තරගය මෙතැනින් නරඹන්න

https://www.facebook.com/CeylonAthletics/videos/387990244929762/

 

Leave a Reply

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org