දිලිප්, අජිත් හා මංජුල පහසුවෙන් ඊළඟ වටයට (Video)
|ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තරග ආරම්භ කරමින් අද මූලික වටයේ තරග කිහිපයක් අද පෙරවරුවේ ඉන්දියාවේ ඔඩිෂාහී, බුබනේෂ්වර් නුවර කලිංගා ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.
මීටර් 400 පිරිමි මූලික තරග සඳහා සහභාගීවූ දිලිප් රුවන් හා අජිත් ප්‍රේමකුමාර පිලිවෙලින් පළමු හා දෙවැනි ස්ථාන හිමිකරගනිමින් අවසන් පූර්ව වටයේ තම ස්ථාන තහවුරු කරගත්තේය.
ඔලිම්පික් වරම් හිමිකරගත් ඉන්දියාවේ ප්‍රභල ක්‍රීඩක මොහොමඩ් අනාස් ද සහභාගීවූ, පළමු මූලික තරගය දිලිප් රුවන් පහසුවෙන් ජයගත්තේ, තත්පර 46.58 ක කාලයක් වාර්තා කරමිනි.
දෙවැනි මූලික තරගයේ දී අජිත් ප්‍රේමකුමාර ඉන්දිය ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වුවද, තත්පර 46.82 ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ය.
මෙම ඉසව්වෙන් 2015 ආසියානු ශූරතාවලියේ රන්, රිදී, ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩකයන් තිදෙනාම මෙවර තරගාවලියට සහභාගී නොවීම විශේෂත්වයක් වේ.
මේ අතර, උස පැනීමේ ආසියානු රන් පදක්කම් ලාභී මංජුල කුමාර ද අද මූලික වටයට සහභාගී වෙමින්, පහසුවෙන් මීටර 2.10 ක් වන සුදුසුකම් ලබා ගැනීමේ සීමාව තරණය කිරීමට සමත්විය.
මෙම ඉසව්වෙන් රියෝ ඔලිම්පික් රිදී පදක්කම දිනාගත්, කටාර් හී මුටාස් බාශිම් මෙවර තරගාවලියට සහභානොවීම හේතුවෙන්, තරගාවලියේ පදක්කමක් ලබා ගැනීමේ බලාපොරොත්තව ඉහළ නංවාගැනීමට මංජුල කුමාරට හැකිවනු ඇත.