සන්තූෂ් ලෝක ශූරතාවේ 200 අවසන් පූර්ව වටයට
|කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ යොවුන් ක්‍රීඩක ශාලික සන්තූෂ් වීරසිංහ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 බාලක ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්විය.
ඒ මූලික වටයේ තරගයට සහභාගීවෙමින් තත්පර 21.72 ක කාලයක් වාර්තා කරමින් 6 වැනි ස්ථානයට පත්වෙමිනි.
එම කාලය සන්තූෂ් වාර්තා කළ වේගවත්ම කාලය ලෙස සැලකේ.
ඔහුගේ කාලය සමත්ත ක්‍රීඩකයන් අතර 12 වැනි හොඳම කාලය වීම ද විශේෂත්වයකි.
සන්තූෂ්ගේ මූලික තරගයේ වීඩියෝව
මේ අතර, ඊයේ මීටර් 400 බාලක අවසන් පූර්ව වටයට සහභාගීවූ ටිරාන් රවිෂ්ක ඉන්ද්‍රජිත්ට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවිය.
එම තරගයේ වීඩියෝව
ටිරාන් රවිෂ්කගේ මීටර් 400 මූලික තරගයේ වීඩියෝව