වාර්තා පිට වාර්තා සමගින් යුද හමුදා ඔලිම්පික් උළෙල අවසන් වෙයි
|ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට වැඩි ගෞරව හිමිකර දෙමින් යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලිය අති උත්කර්ෂවත් අන්දමින් අද අවසන් විය.
මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය පෝෂණය කරන යුද හමුදාවේ අන්තර් රෙජිමේන්තු තරගාවලිය, මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් දිනා ගන්නා තරගාවලියකි.
තරගාවලියේ ප්‍රතිඵල මෙතැනින්
දින තුනක් පුරා දියගම ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේ දී ශ්‍රී ලංකා වාර්තා දෙකක් හා තරගාවලි වාර්තා 12 ක් බිඳවැටීම විශේෂත්වයක් විය.
තුන් පිම්ම පිරිමි ඉසව්වෙ ජාතික ශූර සංජය ජයසිංහ මීටර් 16.39 ක දක්ෂතාවක් දක්වමින් ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගනිද්දී, මීටර් 1500 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ගැමුණු හේවා බල ඇණි කණ්ඩායමට හිමිවිය.
මේ අතර, මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දුර පැනීමේ ඉසව්වෙන් වාර්තා කළ දෙවැනි හොඳම දක්ෂතාව දැක්වීමට යුද හමුදා සංඥා බලකායේ ප්‍රසාද් විමලසිරි සමත්විය.
ඔහු මීටර් 8.13 ක දක්ෂතාවක් දැක්වුව ද +3.3 ක සුලං තත්වයක් යටතේ එම දක්ෂතාව දැක්වීම හේතුවෙන් වාර්තා අතරට එක් නොවින.
එසේම මෙරට මෙන්ම දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වූ හිමාෂ ඒෂාන් පරාජය කරමින්, මීටර් 100 ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කරන යුපුන් අබේකෝන් ක්‍රීඩකයායි.
ඊට අමතරව බිඳ වැටුණු තරගාවලි වාර්තා පහත පරිදි වේ.
Long Jump | Men | S/284373 | Wimalasiri DAGJP | SLSC |
8.13 M w3.3, 7.91M
|
Triple Jump | Men | S/157206 | Jayasingha IDSS | SLA | 16.39 M |
400M Hurdles | Men | S/629624 | Chathuranga SMA | SLEME | 51.37 SEC |
Javelin Throw | Men | S/578696 | Ransingha DS | SLASC | 78.70 M |
4 x 800M | Men |
S/M100861, S/M100621, S/629058, S/M100027
|
SLEME | 7:29.6 Min | |
4 x 1500M | Men |
S/431904, S/417487, S/430397, S/432592
|
GW | 15:51.3 Min | |
400M Hurdles | Women | S/2014VFRD86398 | Madhushani EK | 6(v)SLAWC | 1:01.19 Min |
10000M | Women | S/73934 | Kumari KK | 2(v) SLAWC | 37:35.2 Min |
10000M RW | Women | S/R100427 | Madhirika UVK | 6(v)SLAWC | 51:45.33 Min |
3000M St Che | Women | S/725333 | Rathnayaka UKN | 7 SLAWC | 10:13.12 Min |
400M | Women | S/R100266 | Rathna Kumari EMU | 5(v)SLAWC | 53.68 Sec |
4 x 800M | Women |
S/R101347, S/R100844, S/2015VFRD89171, S/2013VFRD77526
|
6(v)SLAWC | 9:36.7 Min |
[srizonfbalbum id=4]