සමස්ථ ලංකා මලල ක්‍රීඩා වයස් වෙනස් කිරීමෙන් වැලලෙන වාර්තා
|වයස් කාණ්ඩ වෙනස් කිරීමෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අතීතයෙන් වැලලී යන මලල ක්‍රීඩාවේ දක්ෂතා කිහිපයක් මෙලෙස ගෙන හැර දැක්වීමට හැක.
දීර්ඝ කළක් බිඳ නොවැටුණු වාර්තා |
|
19න් පහළ (බාලිකා) | 21න් පහළ (බාලිකා) |
100 – 11.9 දමයන්ති දර්ශා – 1992 | 400 – 55.48 – චන්ද්‍රිකා සුභාශිණි – 2007 |
200 – 23.77 දමයන්ති දර්ශා – 1992 | 1500 – 4.38.13 – ගයන්තිකා අබේරත්න – 2006 |
1500 – 4.40.33 – ගයන්තිකා අබේරත්න – 2004 | 100 කඩුලු – ඒ. එච්. විජේසිංහ – 2009 |
100 කඩුලු – ඒ. එච්. විජේසිංහ – 2008 | උස පැනීම – 1.74 – ප්‍රියංගිකා මධුවන්තී – 2004 |
දුර පැනීම – 5.83 – නයතී කුමරී චන්ද්‍රසේන – 1996 අනෝමා සූරියාරච්චි – 1998 |
යගුලිය – 12.62 – තාරිකා කුමුදුමාලී – 2009 |
යගුලිය – 12.56 – දෙව්නි මදුරප්පෙරුම – 2008 | කවපෙත්ත – 41.27 – අනුෂා ශිවප්‍රගාෂා – 2008 |
හෙල්ල – 40.93 – නදීෂා ලේකම්ගේ – 2005 | හෙල්ල – 41.97 – ආර් එන් ප්‍රනාන්දු – 2001 |
400x4 -4.00.49 – සේනානායක මධ්‍ය මහා විද්‍යාලය – 2006 | |
19 න් පහළ (බාලක) | 21න් පහළ (බාලක) |
100 – (10.58) ශෙහාන් අඹේපිටිය 2008 | 200 – 21.7 – ජෝයි ධනුශ්ක පෙරේරා – 2002 |
200 – 21.60 ශෙහාන් අඹේපිටිය 2008 | 400 – 47.85 – අනුරුද්ධ ලක්මාල් – 2007 |
400 – 47.23 ජී එම් පුෂ්පකුමාර 2003 | 1500 – චමින්ද විජේකෝන් – 2000 |
800 – ජී එම් පුෂ්පකුමාර 2003 | 5000 – අනුරාධ ඉන්ද්‍රජිත් – 1998 |
කවපෙත්ත – 55.23 – චරිත් කපුකොටුව – 2008 | දුර පැනීම – 7.54 නුවන් සම්පත් ඩේවිඩ් – 2003 |
හෙල්ල – 63.14 – අයි ඒ පරණගම – 2004 | යගුලිය – 15.06 – ඔෂාන් රජිත – 2006 |
කවපෙත්ත – 48.83 – චරිත් කපුකොටුව – 2009 | |
හෙල්ල – 67.54 වරුණ ලක්ෂාන් – 2008 | |
තුන්පිම්ම – 15.57 – චන්දිමාල් නිරෝෂන් – 1992 | |
100x4 – 42.42 ශාන්ත බෙනඩික්ට් – 2006 | |
400x4 – වලල ඒ රත්තානයක – 2009 |
අතීතයේ සිට පැවත ආ සම්ප්‍රදාය වෙනස් කිරීමක් ලෙස ද 12,14,16,18,20 ලෙස වයස් කාණ්ඩ වෙනස් කිරීම දැක්විය හැක.
මින් පෙර ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවකට යම් අභිමානයක් ගෙන දීමට සමස්ථ ලංකා පාසල් මලල ක්‍රිඩා තරගාවලිය සමත්විය. අතීත වාර්තාවක් අභිබවා යාම ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩිකාවකගේ සිහිනයක් විය.
එසේම කණිෂ්ඨ හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලි සඳහා සංචිත ගත කිරීමට ද 15,17,19 ලෙස වයස් කාණ්ඩ පැවතීම පහසුවක් විය.
මේ සියල්ල අදින් පසුව වැලලී යනු ඇත.