(Video) සුගතදාස ධාවන තීරුව ළඟදීම විවෘත වෙයි – පථය ඇතිරීමේ අවසන් අදියර ඇරඹෙයි
|කලක් තිස්සේ මෙරට මලල ක්‍රීඩාවට දැඩි අවශ්‍යතාවක්ව පැවති කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන තීරුවේ වැඩ මේවනවිට බොහෝදුරට අවසන් ව තිබේ.
එහි අවසන් අදියරේ කටයුතු ආරම්භ වී ඇති අතර, ඉතිරිව ඇත්තේ අවසන් කොටසේ කටයුතු සිදු කිරීමවේ.
ඒ අනුව මෙම මස අවසානයේ පැවැත්වෙන කණිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමේ අවස්ථාව හිමිවනු ඇත
ක්‍රීඩා අමාත්‍යවරයා ද අද සුගතදාස ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
2012 වසරේදි යලි අතුරන ලද සුගතදාස කෘතීම ධාවන තීරුව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ විනාශ වීමෙන් පසුව ස්ථිර විසඳුමක් ලෙස මෙවර කෘතීම ධාවන තීරුව ඇතිරීමට පියවර ගැනින.