චන්ද්රිකා සුභාභාෂිනී නැවත කරළියට
|Chandrika Subashini Rasnayake will return after a lapse of two years of injury ridden time eyeing to regain her 400m spot in the national circuit during the senior national trials which will held on 27-28 Mary at Sugathadasa stadium
මීටර් 400 හා 200 ඉසව්වල කලක් ශූරය වූ චන්ද්රිකා සුභාෂිනි රස්නායක නැවත ත් තරග බිමට පිවිසීම ජාතික තේරීම් තරගාවලියේ පළමු අදියරේ දී බලාපොරොත්තු වේ.
සුගතදාස ක්රීඩාගංණයේ දී පැවැත්වෙන ජාතික තේරීම් තරගාවලියේ පළමු අදියරේ දී චන්ද්රිකා මීටර් 400 ඉසව්වෙන් ආසියානු ක්රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට තරග වැදීමට නියමිතය.
ඒ අනුව ජාතික තලයේ මිටර් 400 කාන්තා ඉසව්ව තව දුරටත් තරගකාරී වනු ඇත.
2014 ආසියානු ක්රීඩා උළෙලේ දී මීටර් 400 ඉසව්වෙන් සිව්වැන්නා වූ චන්ද්රිකාට පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූයේ, නයිජීරියාවෙන් ආනයනය කරමින් බහරේන් නියෝජනය කළ ඔල්වකෙමි අඩෙක්යෝ නිසාවෙනි.
චන්ද්රිකාගේ ආගමනයත් සමග උපමාලිකා රත්නකුමාරිට අභියෝගයක් එල්ල වනු ඇති අතර, මේවනවිට මීටර් 400 ඉසව්වෙන් ඉදිරියෙන් පසුවන සෙසු ක්රීඩිකාවන්ට ද තරගයක් ලබා දීමේ අවස්ථාව හිමිවනු ඇත.