උස පැනීමෙන් උෂාන්, ශ්‍රී ලංකාව උස තැනකට ගෙන එයි ද ?
|ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ දෙවැනි තේරීම් තරගාවලියේ දී, විශිෂ්ඨ දක්ෂතා දක්වමින් පුද්ගලිකව හොඳම දක්ෂතාව දැක්වීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ උෂාන් තිවංක සමත්වීම කාගේත් පැසසුමට ලක්විය.
බාධා රැසක් මැදින් සිය ක්‍රීඩා කෞෂල්‍යය මෙන්ම අධ්‍යාපන කටයුතු ද වර්ධනය කරගත් උෂාන් ආසියානු ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම අසලටම පැමිණ තිබීම ද විශේෂත්වයක්වේ.
උෂාන් එදින මීටර් 2.24 ක දක්ෂතාවක් දක්වමින්, උස පැනීමෙන් මෙතෙක් එවන් දක්ෂතාවක් දැක්වූ දෙවැනි ක්‍රීඩකයා බවට පත්විය.
තරගයේ ප්‍රථිඵලය
1 | 966 | Ushan Thiwanka Perera | SL Schools | 2.24 (PB) |
2 | 964 | WPAK Pathirana | SLAF | 2.15 |
3 | 965 | SA Tharindu Dasun | SL Schools | 2.05 |
4 | 932 | RAM Randika Srimal | SL Army | 1.90 |
මින් පෙර මෙම දක්ෂතාව දක්වා තිබුණේ ජාතික වාර්තාවට හිමිකම් කියන මංජුල කුමාර පමණි.
කලක් ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවේ නම උස පැනීමේ ක්‍රීඩාවෙන් මංජුල කුමාර ප්‍රභල ස්ථානයකට ගෙන ගිය අතර උෂාන්ට දැන් එම අවස්ථාව හිමිව තිබේ.
තවමත් විසිවැනි වියේ පසුවන තිවංක, රාගම කරුණාරත්න බෞද්ධ පාසලින් මූලික අධ්‍යාපනය ලබා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබමින් ක්‍රීඩා කෞෂල්‍යද වර්ධනය කරගත් ක්‍රීඩකයෙකි.
උෂාන්ගේ මීටර් 2.24 ක දක්ෂතාවයේ වීඩියෝව
සති දෙකකට පෙර මීටර් 2.20 ක දක්ෂතාවක් දැක්වූ උෂාන් ගැන රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ වාර්ථාව.