රනින් ලක්මව සැරසූ අමාෂාව සහෝදරියන් විසින් හරසරින් පිළිගනී.
|දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්රවූ අමාෂා සිල්වාට තම පාසලින් විශේෂ පිළිගැනීමක් හිමිවූවාය.
රන් පදක්කම් හතරක් හිමිකරගත් ඇය, පුද්ගලිකව හොඳම කාලය වාර්තා කරමින් මීටර් 100 ඉසව්වත් පුද්ගලිකව දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් මීටර් 200ත් ජය ගැනීම විශේෂත්වයක් විය.
ඊට අමතරව මීටර් 400 සහාය දිවීමේ බාලිකා ඉසව්වෙන් හා මීටර් 100 සහාය දිවීමේ බාලිකා ඉසව්වෙන් ද නව තරගාවලි වාර්තා සමග රන් පදක්කම් දිනා ගත්තාය.
මහනුවර ස්වර්ණමාලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වන ඇය මෙරට වත්මන් කණිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කිහිප වරක්ම සම්මානයට පාත්රවූවාය.
කුඩා කළ සිටම එම පාසලේ ශිෂ්‍යාවක් වූ ඇය, අහම්බෙන් මෙන් මලල ක්‍රීඩාවට පිවිස ඇති අතර මේවනවිට ජාතික තලයේ දක්ෂතම කණිෂ්ඨ ක්‍රීඩිකාව බවට පත්ව සිටීම පැසසිය යුතු කරුණක් වේ.
සංජීව වීරක්කොඩි මහතා යටතේ පුහුණුකටයුතු කරන අමාෂා ජපානයේ ගිෆූ හීදී ලබන මස පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ ශුරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ද මීටර් 100, 200 හා මීටර් 400 සහාය දිවීමේ ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවදිනු ඇතියි.
- Video: 200m Girls Heat 1 – SAJAC 2018 – Amasha Silva eased to Finals
- Video: 100m Girls finals – SAJAC 2018 – Amasha won the GOLD with a Meet Record
- Amasha,Aruna,Dilshi,Dasun and relay team win Gold medals
- How imprudent to omit girls 4x100m relay team from Asian Juniors
- කණිෂ්ඨ සහාය කණ්ඩායම ආසියානු තරගාවලියෙන් කැපුනා ද ? කැපුවා ද ?
- ආසියානු ශූරතාවෙන්, ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව අලුත් කල සහය කණ්ඩායම හැළෙයි
[srizonfbalbum id=6]