පිලිපීනයේදී දිලිප්, හේමන්ත රන් පදක්කම් දිනයි, අජිත්ට ලෝකඩ පදක්කමක්
|පිලිපීනයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්විය.
මීටර් 400 අවසන් තරගයට සහභාගීවෙමින් දිලිප් රුවන් තත්පර 46.87 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගත් අතර අජිත් ප්‍රේමකුමාර ලෝකඩ පදක්කම හිමිකරගත්තේය.
මීටර් 1500 පිරිමි ඉසව්වට සහභාගීවෙමින් දමිත් හේමන්ත කුමාර ද රන් පදක්කම දිනා ගැනීමට සමත් ව තිබේ.
මීට අමතරව අමිල ජයසිරි ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුර පැනීමේ ඉසව්වට සහභාගීවුව ද , පාදයේ ආබාදයක් මතුවීම හේතුවෙන් තරගයෙන් ඉවත්ව තිබේ.
පසුගිය වසර පුරාම පාදයේ ආබාදයකින් පෙළුණු ඔහු, ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ඉවත් වී තිබේ.