ආසියානු කණිෂ්ඨ ශූරතාවට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ තොරතුරු
|ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිත වේ.
හෙට (5) වැනි දින පිටත්වන ඔවුන්, ජපානයේ ගිෆූ වෙත ළඟාවීමට නියමිතව ඇත්තේ 6 වැනි දාය. 7 වැනි දා සිට තරග පැවැත්වෙන අතර, ඉහත කී වෙහෙසකර ගුවන් ගමන හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට උපරිම දක්ෂතා දැක්වීමේ අවස්ථාව මග හැරේවිදැයි සැක සහිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම
බාලක – අරුණ දර්ශන (200, 400 & 4×400), පසිදු කොඩිකාර (400, 400 කඩුලු & 4×400), පබසර නිකූ (400m,4x400m),රවිශ්ක ඉන්ද්‍රජිත් (4x400m), හර්ෂ කරුණාරත්න (800m, 4x400m), තරිඳු දසුන් ( උස පැනීම)
බාලිකා : අමාෂා ද සිල්වා (100m, 200m, 4x400m), ඩිල්ශි කුමාරසිංහ (400m, 800m, 4x400m) , සචිනි දිව්‍යාංජලී (4x400m), රුමේෂී අත්තිඩිය (4x400m), සඳුමිණි බණ්ඩාර (4x400m), රිද්මා නිෂාධී (දුර පැනීම), වසන්තී මාරිස්ටෙලා (3000m බාධක දිවීම )
පුහුණුකරුවන්: අසංක රාජකරුණා, සංජීව වීරක්කොඩි, සුසන්ත ප්‍රනාන්දු
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් ගේ තරග සටහන සඳහා යොමුවන්න.
තරගාවලිය සජීවීව නැරඹීම සඳහා යොමුවන්න
තරගාවලියේ සියලු තොරතුරු සඳහා යොමුවන්න