කණිෂ්ඨ ශූරයන් රැක ගැනීමට වැඩපිළිවෙලක් – ක්‍රීඩා අමාත්‍ය මුස්තෆා (Video)

By www.ceylonathletics.com | | Latest News, Videos, Sinhala

ජපානයේ පැවැති කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී පදක්කම් 9 ක් දිනාගත් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණීමට එක්වෙමින්, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නව වැඩපිලිවෙලක් සකස් කිරීමට සැලසුම් කරන බව පැවසුවේය.

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාලමින් දීර්ඝ කාලීන වැඩපිලිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

“රටවල් 45 ක් එක්ක තමයි තරග කළේ ඒ වගේම 13 න් පදක්කම් 9 ක් ලබා ගැනීම අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. අපි බලාපොරොත්තුවෙනවා මේ දරුවන්ට දීරඝ කාලීන වැඩසටහනක් ඇති කරල ඔලිම්පික ක්‍රීඩවෙත් මේ දරුවන්ගෙ ඉදිරි ගමන සලකල දක්ෂම පුහුණුකරුවන් ලබාගෙන හොඳ ඉදිරිගමනක් දෙන්න කටයුතු කරනවා. ”

ඉදිරියේ දී ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමේදී නිර්ණායක කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ඉඟි පළ කළේය.

“පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට 83 ක් අපි යැව්ව. 83 ක් යවල ලබපු ප්‍රතිලාභයි 13 ක් යවල ලැබුණු ප්‍රතිලාභයි බලන කොට ලොකු වෙනසක් තියනව. අපි බලාපොරොත්තුවෙන්නෙ දක්ෂම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයල ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දීල ඒ අගෙ ඉලක්ක වලට ගමන් කරන්න.”

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org