25 වසරක් පැරණි මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාව ඉඳුනිල් නමට ලියා ගනී
|25 වසරකට පෙර 1993 වසරේ බංග්ලාදේශයේ පැවති දකුණු ආසියනු ක්‍රීඩා උළෙලේ දී පිහිටුවනු ලැබූ මීටර් 800 පිරිමි ශ්‍රී ලංකා වාර්තාව අද තමන් නමට ලියා ගැනීමට ඉඳුනිල් හේරත් සමත්විය.
කෙන්යාවේ පුහුණුවීම් කටයුතු සිදුකරන ඉඳුනිල්, අද එරට පැවති ජනාධිපති ශූරතාව සඳහා වූ දේශීය තරගාවලියකට සහභාගීවෙමින් මෙම දක්ෂතාව දක්වා තිබේ.
මිනිත්තු 1:47.13 ක දක්ෂතාවක් දැක්වූ ඔහු බිඳ හෙලුවේ රංජිත් සුභසිංහ විසින් 1993 වසරේදී දක්වා තිබු මිනිත්තු 1:47.56 ක දක්ෂතාව වේ.
ඉඳුනිල් දක්වූ ඉහත දක්ෂතාව අනුව මේවනවිට ආසිටාවු කලාපයේ 6 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට ඔහුට හැකිව තිබේ.
ඉඳුනිල්ගේ හොඳම දක්ෂතාව ලෙස මින් ඉහත දී දැක්වුණේ මිනිත්තු 1:48.69 ක දක්ෂතාවක් වේ.
PERFORMANCE | PLACE | DATE | |
---|---|---|---|
2017 | 1:48.83 | Diyagama (SRI) | 02 SEP 2017 |
2016 | 1:49.83 | Almaty (KAZ) | 26 JUN 2016 |
2015 | 1:49.93 | Diyagama (SRI) | 26 JUL 2015 |
2014 | 1:48.69 | Colombo (SRI) | 13 AUG 2014 |
2013 | 1:51.11 | Colombo (SRI) | 17 SEP 2013 |
2012 | 1:51.22 | Colombo (SRI) | 14 NOV 2012 |
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට පවා සහභාගී නොවෙමින් කෙන්යාවේ මාස 8 ක පහණ සිදුකළ පුහුණුවැඩසටහනේ ප්‍රථඵලයක් ලෙස ඉඳුනිල් මෙම ජයග්‍රහණය වාර්තා කිරීම සඳහන් කළ හැක.
වී රත්නකුමාර මහතාගේ මගපෙන්වීම යටතේ මෙරට පුහුණුවන ඉඳුනිල් හේරත්ගේ විදෙස් පුහුණුකරු වන්නේ ඩන් මුසෝකියෝ මහතාය.