Video: රනින් ලක්මව සැරසූ අරුණ… උදව් කරපු හා අාශිර්වාද කරපු හැමෝටම ස්තූතියි,
|ගොවි පවුලක උපත ලද අරුණගේ පියා ගොවිතැනින් දිවිය සරි කිරීමට වෙර දරද්දී, සර්පයෙකු දෂ්ඨ කළ මව වසර දහයක පමණ සිට සුව නොවන තුවාලයක් පයෙහි දරාගෙන දරුවන්ගේ දුක සැප බලමින් සිටින්නීය.
වැඩිමල් සොයුරන් සිවිල් ආරක්ෂකයින් ලෙස සේවයට එක්ව සිටිද්දී, නිවුන් සොයුරන් වන අරුණ හා බාල සොයුරු මලල ක්‍රීඩාවෙන් අනාගතය සොයමින් සිටියි.
“මගේ තාත්තා ගොවිතැන් කරන්නෙ. හුඟක් දුක් විඳිනව අපි වෙනුවෙන්. හොඳ පුහුණුවීමක් කරනවනම් හොඳ කාලයක් දක්වන්න පුුළුවන්.තව කල් තියනව. තව කාලය අඩුකරගන්න පුලුවන්.”
රටක් විදියට අප කළ යුතුව ඇත්තේ, මෙවන් දරු දැරියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වැඩපිලිවෙලක් සකස් කිරීමයි. මූල්‍යාධාර ලබා දෙමින් පමණක් එය සිදුකළ නොහැකි වන අතර ඊට එහා ගිය වැඩසටහනක් අත්‍යාවශ්‍ය වී තිබේ.
Asian Junior Athletics Championship 2018 – Gifu, Japan – CeylonAthletics.