Video: කුරුණෑගල ඩිලාන් බෝගොඩ යොවුන් ඔලිම්පික් ආසියානු තරගාවලියේ අවසන් තරගයට
|කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බොගොඩ, ආසියාවෙන් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ වරම් ලබා ගැනීමේ මීටර් 400 අවසන් තරගයට සුදුසුකම් ලබා තිබේ.
අද පැවැති මූලික තරගයේ දී තත්පර 48.66 ක දක්ෂතාවක් දක්වමින් ජයගත් ඔහුගේ කාලය වාර්තා වන්නේ එම ඉසව්වේ වේගවත්ම කාලය ලෙසයි.
ඒ අනුව ඩිලාන්ට අවසන් තරගයේ දී පළමු ස්ථාන 5 අතරට පැමිණිය හැකි වුවහොත් ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවීමේ අවස්ථාව හිමිවේ.
අවසන් තරගය මෙරට වේලාවෙන් අද (04) පස්වරු 2.40 ට පැවැත්වේ.