ශෙලින්ඩා 200 අවසන් තරඟයට, නුවන්ත අර්ධ අවසන් තරගයට
|ආර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අාසියානු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරා ගන්නා තරගාවලිය තායිලන්තයේ දී පැවැත්වේ.
අද එහි මීටර් 200 බාලිකා මූලික තරඟ සඳහා සහභාගී වූ ගේට්වේ විද්‍යාලයේ ශෙලින්ඩා ජෙන්සන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ සමස්ත මූලික වටයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසයි.
https://www.facebook.com/CeylonAthletics/videos/555605291501589/
ඇය වාර්තා කල කාලය තත්පර 24.99 වන අතර ඇයට ඔලිම්පික් වරම් දිනා ගැනීමේ වැඩි අවස්තාවක් තිබේ.
මීටර් 200 බාලිකා ඉසව්වට ආසියාවෙන් සිව් දෙනෙකු සුදුසුකම් ලබනු ඇත.
…
මේ අතර කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ නුවන්ත සේනානායක මීටර් 200 අවසන් පූරුව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මූලික වටයේ දී ඔහුට දැක්වීමට හැකි වූයේ තත්පර 22.33 ක දක්ෂතාවක් පමණි.