වියට්නාමයේ දී රුසිරුගෙන් රිදී පදක්කමක්, ආබාදයක් හේතුවෙන් කසුන්ට පදක්කම අහිමි වෙයි
|වියට්නාම විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගීවන සිව්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අද (26) දිනයේ තරග බිමට පිවිසෙමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්විය.
මීටර් 800 ඉසව්වට සහභාගීවූ රුසිරු චතුරංග මූලික වටයේ දී පුද්ගලික හොඳම දක්ෂතාව ලෙස මිනිත්තු 1:49.83 දක්ෂතාවක් දක්වා අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තද අවසන් තරගයේ දී සුපුරුදු දක්ෂතා දැක්වීමට අපෙහොසත් වුවද රිදී පදක්කමින් සෑහීමට පත්වීමට සමත්විය.
ඔහු අවසන් තරගයේ දී මිනිත්තු 1:52.00 ක දක්ෂතාවක් දැක්වීය.
රුසිරුගේ තරගයේ ප්‍රථිඵලය පහත සඳහන් පරිදි වේ.
122 |
800m
|
Men/Nam | ||
Rank | Bib. | FULL NAME | COUNTRY | SEED TIME |
1 | 260 | DƯƠNG VĂN THÁI | NAM ĐỊNH | 1:50.62 |
2 | 565 | RUSIRU CHATHURANGA | SRI LANKA | 1:52.00 |
3 | 541 | VILOG MARCO | PHILIPPINES | 1:53.83 |
4 | 550 | GIRON EDWIN JR | PHILIPPINES | 1:54.28 |
5 | 411 | LÊ THANH HÙNG | TP.HỒ CHÍ MINH | 1:55.20 |
6 | 524 | LEE SANGMIN | KOREA | 1:56.47 |
7 | 414 | ĐINH TRẦN ĐÔNG | TP.HỒ CHÍ MINH | 1:57.29 |
8 | 153 | NGUYỄN TRUNG HẬU | BÌNH DƯƠNG | 2:18.88 |
9 | 262 | LA ĐÌNH TUẤN | NAM ĐỊNH | 2:19.36 |
266 | NGUYỄN MINH HỒNG | NAM ĐỊNH | DNF |
රුසිරු චතුරංග සහභාගීවූ තරගයේ වීඩියෝව
මේ අතර, උස පැනීමේ පිරිමි ඉසව්වට සහභාගීවූ අමිත කසුන්ට පාදයේ සිදුවූ ආබාදයක් හේතුවෙන්, අවසනාවන්ත ලෙස තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
ඉදිරියේ දී තරගාවලි රැසක් පැවැත්වීමට නියමිත හේතුවෙන්, ආබාදය උග්‍ර අතට පත්වීම වැලැක්වීම සඳහා මෙලෙස තරගය අත්හැර දැමීමට සිදුවූ බව අප සමගින් අමිත පවසා සිටියේය.
අමිත තරගය සාර්ථකව අවසන් කළේනම් පහසුවෙන් රන් පදක්කම දිනා ගැනීමට ඔහුට අවස්ථාව තිබිණ.
අමිතගේ තරගයේ ප්‍රථිඵලය පහත පරිදි වේ.
119 |
Nhảy Cao/High Jump
|
Men/Nam | ||
Rank | Bib. | FULL NAME | COUNTRY | SEED MARK |
1 | 369 | NGUYỄN THÀNH NHÂN | TIỀN GIANG | 2.13m |
2 | 457 | LƯƠNG MINH SANG | BẠC LIÊU | 2.07m |
3 | 418 | CAO VÕ NGỌC LONG | TP.HỒ CHÍ MINH | 2.04m |
4 | 567 | AMITHA KASUN PATHIRANA | SRI LANKA | 2.01m |
5 | 420 | NGUYỄN LONG CHU | TP.HỒ CHÍ MINH | 1.98m |
6 | 313 | ĐÀO VĂN THỦY | QUÂN ĐỘI | 1.95m |
7 | 141 | HỒ VĂN THIỆN | BẾN TRE | 1.85m |
542 | TOLEDO ARIES | PHILIPPINES |