මීටර් 800 කාන්තා – ගයන්තිකා අවසන් තරගයට; නිමාලී ඉවතට
|අද පෙරවරුවේ පැවති මීටර් 800 කාන්තා මූලික වටයේ දී නිමාලි ලියනාරච්චි පළමු තරගයට සහභාගී වෙමින් සිව්වැනි ස්ථානයට පත් වූවාය.
මිනිත්තු 2:06.74 ක් වූ ඇයගේ එම දක්ෂතාව, අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ප්රමාණවත් නොවූවාය.
ගයන්තිකා අබේරත්න, තුන්වැනි මූලික තරගයේ තෙවැනි තැන ලබා අවසන් තරගයට සුදුසුකම් ලැබුවාය.
ඇය දැක්වූ දක්ෂතාව මිනිත්තු 2:06.31 කි.
ඔවුනි දෙදෙනාම පුද්ගලික හොඳම කාලය හෝ ඔවුන් ජාතික ශූරතාවලියේ දැක්වූ කාලය හෝ වාර්තා කිරීමට සමත් වූයේ නැත.