Video: ෆයිනල්වත් එන්න බැරුව කැපුණ – හැමදාම පුහුණුකරුට එන්න අවස්ථාව දෙන්නෙ නෑ – නිමාලී
|පසුගිය වසරේ දී ඉන්දියාවේ ඔඩිෂාහීදී පැවැති ආසියානු ශූරතා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් නිමාලී ලියනාරච්චිට අද පැවති ආසියානු ක්‍රීඩා උළෙල් මීටර් 800 මූලික ඉසව්වෙන්ම ඉවත්වීමට සිදුවිය.
ඇය තරගයෙන් පසුව අදහස් දක්වමින් කියා සිටියේ ඇය සහභාගීවූ තරගය මූලික වටයේ තරග අතරින් අපහසුම තරගය වුවත් තමන්ට උපදෙස් ලබා ගැනීම සඳහා පුහුණුකරුනොමැතිවීම අභාග්‍යයක් වූ බවයි.
මෙම තරගාවලියට පුහුණුකරුවන් තිදෙනෙකු නිළවශයෙන් සහභාගී වන අතර, තවත් පුහුණකරුවෙකු අමාත්‍යවරයා හරහා විශේෂ අවසරයක් හා අනුග්‍රහයක් සමග තරගාවලිය එක්වේ.
නමුත්, පසුගිය වසරේ ආසියානු ශූරතාවලියේ මෙන්ම ආසියානු ගෘහස්ත තරගාවලියේ පදක්කම් ලැබූ නිමාලී ලියනාරච්චි, රුමේෂිකා රත්නායක හා ඉඳුනිල් හේරත්ට තම පුහුණුකරුවන් සමගින් මෙම තරගාවලියට සහභාගීවීමට වරම් හිමි නොවීය.
ඇත්තෙන්ම පුහුණුකරුවෙකු සිටීම, තරගයකට වාසිදායක ද ? මෙම ගැටලුවට ජාත්‍යන්තර මෙන්ම තරගකාරී තරගාවලියකට සහභාගී වූ ඕනෑම ක්‍රීඩකයෙකුගෙන් හෝ ක්‍රීඩිකාවකගෙන් කරුණු විමසූ විට පිළිතුර ලබා ගත හැක.
මේ නිමාලී තරගයෙන් පසුව අපසහගින් පළකළ අදහස්.
https://www.facebook.com/CeylonAthletics/videos/494760304323904/