තහනම් උත්තේජක දැලට ඉන්දියාවේ 5 දෙනෙකු හසුවෙයි.
|අන්තර් ජාතික මලල ක්රීඩා සංගමය මගින් අද නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියාන මලල ක්රීඩක ක්රීඩිකාවන් පස්දෙනෙකු තහනම් උත්තේජක චෝදනා යටතේ තහනමට ලක් කර තිබේ.
ඒ අතරට යොවුන් ක්රීඩක ක්රීඩිකාවන් කිහිපදෙනෙකුම ඇතුළත් ව ඇත.
මීටර් 100 කඩුලු පැනීමේ ශූරියක වන නීලම් කුමාරි හා හෙල්ල විසිකිරීමේ ජාතික මට්ටමේ ශූරයන් දෙදෙනෙකු වන යාදේව් රෝහිත් හා අමිත් කුමාර් ද මෙලෙස තහනමට ලක් වූවන් අතරට අයත් වේ.
තමනමට ලක් වූවන් ගෙන් නිලම් කුමාරී හා රෝහිත් යන දෙදෙනාම 19 වැනි වියේ පසුවන ක්රීඩකාවක් හා ක්රීඩකයෙක් වේ