අරුණ දර්ශන නැවත මීටර් 400 වාර්තා පොත් අළුත් කරයි
|55 වැනි යුද හමුදා මලල ක්‍රීඩා ශුරතාවලියේ සියලු දෙනාගේ අවධානය තත්පර 45.78 ක් තුළ දිනා ගැනීමට අරුණ දර්ශන සමත් විය. මීටර් 400 පිරිමි අවසන් තරගයට සහභාගීවෙමින් තරගය ජයගනු ඇතැයි කවුරුත් විශ්වාස කළ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා කාර්මික බලකායේ කාලිංග කුමරගේව පරාජය කරමින් අරුණ මෙම දක්ෂතාව දැක්වීය.
19 වැනි වියේ පසුවන අරුණ දර්ශන යුද හමුදා කාලතුවක්කු බලකාය සමග එක්ව තරග කළ පළමු යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය මෙය වන අතර, එහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වීමට සමත් විය.
තරගාවලියේ තොරතුරු
අරුණ වාර්තා අලුත් කරයි
අකුරම්බඩ අරුණ, මලල ක්‍රීඩාවට අරුණලු කැඳවයි
2005 වසරේ දී ප්‍රසන්න අමරසේකර විසින් පිහිටුවා තිබූ වාර්තාව තමා සතු කරගනිමින් අරුණ දැක්වූ දක්ෂතාව වන තත්පර 45.78 ක කාලය ඔහුගේ පුද්ගලික හොඳම කාලය ද වේ.
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී අරුණ විසින් තත්පර 45.79 ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙම තත්පර 45.78 ක දක්ෂතාව තත්පර 0.01 කින් පුද්ගලික කාලය වර්ධනය කර ගැනීමක්.
කාලිංග කුමාරගේ ද තත්පර 46.06 ක දක්ෂතාවක් දක්වමින් සිය පුද්ගලික දෙවැනි හොඳම කාලය සම කිරීමට සමත් විය. ඔහු මීට පෙර ආසියානු ක්‍රීඩා උළෙලේ දී තත්පර 45.99 ක කාලයක් වාර්තා කරමින් හොඳම කාලය වාර්තා කළේය.
තරගයේ වීඩියෝව