මළල ක්‍රීඩාව නගා සිටුවන්න ඇමති හරින්ගෙන් නව වැඩ පිලිවෙලක්

By www.ceylonathletics.com | | Sinhala, Top Stories

ක්‍රීඩා ආම්පන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බෙදාදීමේ නව ක්‍රමයක් සති දෙකකකින්

– සියලුම ක්‍රීඩාංගන ගාස්තු වලින් තොරව පරිහරණයට ලබාදෙන ක්‍රමයක්

ශ්‍රී ලංකා මළල ක්‍රිඩාවේ වත්මන් තත්වය ගැන තම පළමු රාජකාරී දිනයෙදීම අවදානය යොමුකළ නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුයේ නුදුරේදිම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් නොමැති බවට පැවසීමට සිදු නොවන සහ ඔවුනට නිසි ගෞරවය ලබාදෙන යුගයකට තමා ක්‍රීඩාව මෙහෙයවන බවයි .

“අපට නිතරම අහන්න ලැබෙන්නේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා තමන්ට දුවන්න ස්පයික්ස් නැහැ නැත්තම් ක්‍රීඩා කරන්න රිටි පොල්ලක් නැහැ කියල මැසිවිලි නගන අකාරය. මෙවන් තත්වයක් තිබීම කනගාටුදායක තත්වයක් .එම නිසා ඔවුන්ට එම අවශ්‍ය ක්‍රීඩා ආම්පන්න හරි ක්‍රමයකට , අවශ්‍ය කෙනාට ලබාදීමේ වැඩ පිළිවෙල සති දෙකක් ඇතුලත සකස් කරනවා කියල පොරොන්දු වෙනවා . එහෙම කරන්න බැරි ක්‍රීඩා සංගම් තියනවා නං අපිට එම සංගම් සමග වෙනම සාකච්චා කරන්න සිදුවෙයි .මොකද අපේ අරමුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුටු කිරීම මිසක් ක්‍රීඩා සංගම් සතුටු කිරිම නෙවෙයි. “

තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුයේ ක්‍රීඩාංගන භාවිතයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් දැනට අයකරනා ගාස්තු නැවැත්වීමටත් එම පහසුකම් ඔවුනට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි .

“ක්‍රීඩා අමාත්‍යංශයට විශාල මුදල් ප්‍රමාණයක් තිබෙනවා. එ වගේම ක්‍රීඩාවට විශාල අනුග්‍රහයකින් ප්‍රමාණයක් ඉන්නවා .එසේ පවතිද්දී ක්‍රීඩාංගන භාවිතයට සුලු මුදලක් හෝ ළමයින්ගෙන් අයකරගැනීම අනුමත කරන්න බැහැ .ඔවුන්ට ක්‍රීඩා කිරිමට එම පහසුකම් නොමිලේ ලබාදිය යුතුයි”

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගෞරවය පිළිබද අදහස් පලකල නව අමාත්‍යවරයා පැවසුයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යවරයා පසුපස නොපැමිණ තම අවශ්‍යතා ලබාගැනිමේ ක්‍රියාවලියක් සකස් කල යුතු බවයි.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ නොයකුත් ප්‍රශ්න රැගෙන ඇමති වරයා වෙත එන තත්වයක් අපි දකිනවා. ක්‍රීඩා සංගම් වලින් තමන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු වලට විසදුම ලබදීල ඔවුන්ව බලාගන්නවා නම් මෙම තත්වය ඇතිවෙන්නේ නෑ .ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ගවෞරවයක් හිමිවිය යුතුයි. නිසි ගවෞරවයක් සහිත ක්‍රීඩා පරිපාලකයන් පත්වනවානම් මෙවන් ගැටළු ඇතිවන්නේ නෑ . ගමේ කතාවක් තියනවා රස්සාවක් ගන්න ඕනේ ඇමති පස්සෙන් යන්න ඕනේ කියල. ඒවගේ තත්වයක් ක්‍රීඩාවේ ඇතිවියයුතු නෑ “

??????????? ?? ?? ?????? ?????? ??. – ?????

??????????? ?? ?? ?????? ?????? ??. – ?????

Posted by Ceylon Athletics on Sunday, December 23, 2018

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org