ජපාන ගමනින් හැලුණු ජාතික තලයේ වේගවත්ම කණිෂ්ඨ ක්‍රීඩිකාවන්
|පසුගිය වසරේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නව කණිෂ්ඨ වාර්තාවක් සමගින් මීටර් 100 සහාය දිවීමේ රන් පදක්කම දිනාගත් කණ්ඩායම ගැන අප ලිපිපෙලක් පළ කළේය.
ඒ ඔවුනට ජපානයේ පැවැති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි කිරීම හේතුවෙනි.
ඒ සම්බන්ධයෙන් පළ කළ ලිපි පහතින් කියවන්න.
- ආසියානු ශූරතාවෙන්, ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තාව අලුත් කල සහය කණ්ඩායම හැළෙයි
- කණිෂ්ඨ සහාය කණ්ඩායම ආසියානු තරගාවලියෙන් කැපුනා ද ? කැපුවා ද ?
- අදූරදර්ශී තීරණයකින් නැති කළ පදක්කම
ඉහත සඳහන් කළ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පසුගිය දා අවසන් වූ ජාතික තේරීම් තරගාවලියේ දී, වේගවත්ම ක්‍රීඩිකාවන් සිව් දෙනා අතරට පිවිසීමට සමත් විය.
රුමේෂී රත්නායක හා අමාෂා සිල්වා මෙම තරගාවලියට සහභාගී නොවුණ ද, කණිෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස ජාතික තරගාවලියක වේගවත්ම ක්‍රීඩිකාවන් පිවිසීම පැසසිය යුතුය.
අමාෂා සිල්වා මේවනවිට ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් සිදුකරන අතර ඇය එහිදී තරග දෙකකට සහභාගී වෙමින් තත්පර 11.66 හා 11.90 ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 ඉසව්වෙන් දක්ෂතා දක්වා සිටියි.
ශෙලින්ඩා ජැන්සන්, ශෆියා යමීක් හා ශර්මිලා ජෑන් මෙම තරගයේ පළමු, දෙවැනි හා සිව්වැනි ස්ථාන වලට පත් වූවාය.
පසුගිය වසරේ දී, ආසියානු කණිෂ්ඨ තරගාවලියෙන් ඉවත් කළ ක්‍රීඩිකාවන් අද වන විට මෙවැනි ස්ථානයකට පත් වීම දෛවයේ සරදමක් ලෙසද දැක්විය හැක.
FIRST NATIONAL SELECTION TRIAL 2019 | |||||
### | BIB NO: | NAME | PERFORMANCE | REMARKS | |
1 | 606 | SHELINDA JANSEN | SL SCHOOL | 11.93 | +1.4 |
2 | 629 | SHAFIYA YAMICK | UNATTACHED | 12.14 | |
3 | 504 | WVL SUGANDI | SL ARMY | 12.18 | |
4 | 624 | NONA SHARMILA JAN | UNATTACHED | 12.20 | |
5 | 521 | MASS JAYATHILAKA | SL ARMY | 12.42 | |
6 | 614 | TMMP WEERASOORIYA | KEGALLE DAA | 12.42 | |
7 | 607 | DILMI DAHANAYAKE | SL SCHOOL | 12.59 |