සුමේධ රණසිංහගේ හෙල්ල මීටර් 79 සීමාවෙන් මීටර් 80 ට ගිය හැටි
ශ්රී ලංකා යුද හමුදා ස්චේච්ඡා මලල ක්රීඩා ශූරතාවලියේ දී නව තරගාවලි වාර්තා රැසක් බිඳ වැටෙද්දී නවක තරු රැසක් දක්ෂතා වර්ධනය කරගනිමින් ජයග්රහණ අත් කරගනු දැක ගත හැකි විය.
මේ අතර, හෙල්ල විසිකිරීමේ ක්රීඩක සුමේධ රණසිංහගේ දක්ෂතාව දෙවරක් ගණනය කිරීමක් සම්බන්ධයෙන් ද වාර්තා විය. 2016 රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙල ද නියෝජනය කළ ශ්රී ලංකා වාර්තාව හිමි සුමේධ මෙම වසරේ තෙවැනි වැරටත් මීටර් 78 සීමාව පසුකරමින් මීටර් 79.36 ක දක්ෂතාවක් දක්වා තිබේ.
කෙසේ වෙතත්, තම දක්ෂතාව සම්බන්ධයෙන් ඇති විශ්වාසය හේතුවෙන්ම සුමේධ නැවත මනින ලෙස ඉල්ලීමක් කර තිබේ. වර්ථමානයේ ලෝකයේ මෙවන් ඉසව්වල දුර මැනීම සඳහා ස්වයංක්රීය සංවේදක මගින් ක්රියාත්මක වන නවීන උපකරණ භාවිත කළද ශ්රී ලංකාව තුළ භාවිත වන්නේ යල් පැණ ගිය මැනුම් උපකරණයි.
ලෝහමය මැනුම් උපකරණයක් ආධාරයෙන් නැවත මනින ලෙස සුමේධ කළ ඉල්ලීම අනුව සැකය තහවුරු වී තිබේ. පෙර දී, මීටර් 79.36ක් වූ දක්ෂතාව මැනුම් උපකරණයේ වෙනසින් මීටර් 80.22 දක්වා වර්ධනය වී තිබේ.
වාර්තාවන අන්දමට සුගතදාස ක්රීඩාංගණය සතුව ලෝහමය මිනුම් උපකරණ ඇතත්, ඔවුන් ඒවා ලබා නොදෙනවාද නැතහොත් තාක්ෂණික නිළධාරීන් ඉල්ලා නොසිටින්නේ දැයි සැක සහිතය.
මෙවන් සුළු තාක්ෂණ දෝශ හේතුවෙන් ක්රීඩක ක්රීඩිකාවන්ට සිදුවන්නේ, දැඩි අසාධාරණයකි. මේ සම්බන්ධයෙන් ක්රියාත්මක වීමට කිසිදු පාර්ශවයක් නොමැති වපසරියක ක්රීඩක ක්රීඩිකාවන් හා පුහුණුකරුවන් අසරණ වේ.
ක්රීඩාව වෙනුවෙන් ඉදිකළ සුගතදාස ක්රීඩාංගණය හා එහි පාලනාධිකාරය ක්රියාත්මක වන්නේ ක්රීඩාවේ උන්නතිය වෙනුවෙන් නොවන බව අතීතයේ සිට දැක ගත හැකි විය.
මේ පහළ වීඩියෝවෙන් දැක්වෙන්නේ, එවන් එක් සේවකයෙකු ක්රීඩක ක්රීඩිකාවන් පුහුණුවෙමින් සිටිය දී, තම අහංකාරකම හා නූගත් කම පෙන්වමින් සේවය සපයපු ආකාරයක්.
??????? ????????? ??? ???????? ??? ????….
Posted by Ceylon Athletics on Thursday, March 21, 2019