ඉන්දියාවේ ගෝමතීට තහනමක්, ගයන්තිකාට ආසියානු පදක්කම ?
|කටාර් හීදී පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව ජයගත් ඉන්දියාවේ ගෝමතී මාරිමුත්තු තහනම් උත්තේජක ලබා ගෙන ඇති බව වාර්තාවේ.
එම තරගාවලියේදී සිදුකළ පරීක්ෂාවේදී මෙය සනාථවී ඇති අතර, ඇයට තාවකාලික තහනමක් පනවා තිබේ.
ඒ සාම්පලයට අනුව තහනම් උත්තේජක සංඝටක ඇති බවට වර්තාවන අතර බී සාම්පල පරික්ෂාවෙන් පසුව ඇයට තහනමක් පැනවෙනු ඇත.
ඒ අනුව ඇයට ආසියනු රන් පදක්කම අහිමිවන අතර, දෙවැනි ස්ථානයට පත් වූ චීනයේ වැන් චුන්යූ හට රන් පදක්කම පිරිණැමෙනු ඇත. ලෝකඩ පදක්කම දිනාගත් කසක්ස්තානයේ මාගරිටා මුකෂේවාට රිදී පදක්කම පිරීනැමෙනු ඇතියි.
තරගයේ සිව්වැනි ස්ථානයට පත් වූ ගයන්තිකා අබේරත්නට ලෝකඩ පදක්කම හිමිවනු ඇත. ගයන්තිකා අබේරත්න 2017 වසරේ දී පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගත්තාය.
ආසියානු ශූරතා තරගාවලියේ මීටර් 800 අවසන් තරගයේ වීඩියෝව