ග්‍රේෂන් – අන්ජනී දක්ෂතමයන් වද්දී සාරංගී මීටර් 100 තත්පර 12 සීමාවට
ජාතික මහා ක්‍රීඩා උළෙලේ බස්නාහිර පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ දී, දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වීමට දුර පැනීමේ ඉසව්වට සහභාගීවූ ග්‍රේෂන් ධනංජය හා අන්ජානී පුල්වංස සමත් විය.
සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේ දී, දුර පැනීම ඉසව්වෙන් ග්‍රේෂන් ධනංජය මීටර් 7.57 ක දක්ෂතාවක් දැක්වූ අතර, අන්ජානී දැක්වූ දක්ෂතාව මීටර් 5.92 ක්.
මේ අතර, දුර පැනීමේ කාන්තා ඉසව්වට ද සහභාගීව පසුගිය වසරේ ජාතික ශූරිය වූ සාරංගී ද සිල්වාට අනපේක්ෂිත පරාජයක් හිමිවීම විශේෂත්වයක් වූවාය.
මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගයෙන් පසුව දුර පැනීම ඉසව්වට සහභාගී වූ ඇයට එක් පිම්මක් හෝ නිසිලෙස වාර්තා කිරීමට නොහැකිවීම මත තරගයෙන් ඉවත්වීමට සිදුවූවාය.
කෙසේ වෙතත්, තරගය අවසන් වී පැය භාගයකින් පමණ පැවති මීටර් 100 අවසන් තරගයේ දී, සාරංගී තත්පර් 12.00 ක කාලයක් වාර්තා කරමින් ජයගැනීමට සමත්වූවාය. ඇය මූලික වටයේ දී ද තත්පර 12.00 ක කාලයක් වාර්තා කළාය.
එය මීටර් 100 ඉසව්වේ ඇය පුද්ගලිකව දැක්වූ හොඳම කාලය වුවත්, ඉලෙක්ට්‍රොනික කාල ගණකයන් මෙම තරගාවලියෙ දී භාවිත නොවූවාය.
මේ අතර, මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දී ලක්ෂිකා සුගන්ධී තතපර් 14.3 ක දක්ෂතාවක් දැක්වූ අතර, මීටර් 100 ඉසව්වේ දී තත්පර 12.1 ක කාලයක් වාර්තා කලාය.
මීටර් 100 පිරිමි ඉසව්ව තත්පර 10.5 ක කාලයක් වාර්තා කරමින් ජයගැනීමට කණිෂ්ඨ ක්‍රීඩකයෙකු වූ සහන් තේනුක සමත් විය.
තරගාවලියේ ප්‍රථිඵල සටහන මෙතැනින්..
තරගාවලියේ වීඩියෝ