නේපාලයේ “සාග්” තීරණයක් නිසා මලල ක්‍රීඩා කණ්ඩායම වැට උඩ

By www.ceylonathletics.com | | Sinhala
  • ඉසව්වට එක් ක්‍රීඩකයයි

  • ඉසව් කිහිපයක් ඉවතට

  • ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාව එපා වෙයි ද?

  • සංචිත තෝරා නැහැ.

  • රන් පදක්කම් කිහිපයක්ම මග හැරෙන ලකුණු.

නේපාලයේ පැවැත්විමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී එක් ඉසව්වක් සඳහා එක් අයෙකුට පමණක් අවස්ථාව ලබා දීමට තීරණයක් ගෙන තිබේ.

පසුගිය (2016) දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී, මලල ක්‍රීඩා ඉසව්වලදී, ඉන්දියාව රන් පදක්කම් 28 ක් ලබා ගනිද්දී, ශ්‍රී ලංකාව රන් පදක්කම් 9 ක් දිනා ගැනීමට සමත් විය.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරන නේපාලයට ලබා ගත හැකි වූයේ එක් ලොකඩ පදක්කමක් පමණි.

 

 

ඉන්දියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක සහභාගීවුවහොත් නේපාලයට ලෝකඩ පදක්කම් කිහිපයක් හෝ ලබා ගැනීමේ අවස්ථාව සලකා බලා මෙම තීරණයට එළඹ ඇතුවාට සැක නැත.

නේපාලය අන්තයෙන් සාධාරණීයකරනය කළද මෙම තීරණයත් සමඟින් මෙරට මලල ක්‍රීඩා කණ්ඩායමට විශාල අසාධාරණයක් සිදුවණු ඇත.

 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහභාගීවීමට ඇති, ප්‍රධාන තරගාවලියක් ලෙස සැලකෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට හෝ සහභාගීවීමේ අවස්ථාව දක්ෂතා දක්වන බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමිවීයනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයද ඉහත තීරණය හේතුවෙන්, අපහසුතාවට ලක්ව සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායම සතුව එකම ඉසව්වෙන් කරට කර දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ පිරිසික් සිටින අතර, ඔවුන් බොහෝ දෙනාට දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට අවස්ථාව තිබිණ.

එසේම නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද දකුණු ආසියානු ක්‍රීඩා උලෙලක් නියෝජනය කරමින් අත්දැකීම් ලබා ගැනීමට මෙන්ම තව දුරටත් ක්‍රීඩාවේ රැඳී සිටීමට උත්තේජනයක් වීමට ඉඩකඩ තිබිණ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් එක් ඉසව්වෙකින් දෙදෙනා බැගින් වන සංචිතයක් පිහිටුවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇති අතර, එහි අවසන් තේරීම් තරග ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පදක්කමක් දිනා ගැනීම මෙරට ක්‍රීඩකයන්ගේ සිහිනයක් වුවද, තව බොහෝ කාලයකට එය සිහිනයක් ව වණු ඇත.

එසේම මෙවර තරවලියෙන්, පිරිමි හා කාන්තා රිටි පැනීම, මිටිය විසි කිරීමේ ඉසව් ඉවත් කර ඇත. 2016 වසරේ දී, ඉෂාර සඳරුවන් රිටි පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තේය. මීටර් 4.90 ක දක්ෂතාවක් සමගින් එම වසරේ රන් පදක්කම දිනා ගත්තද මෙම වසරේ එම අවස්තාව නැත.

මේ තත්ත්වයන් මත අගෝස්තු මස 16 සිට 18 දැක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මෑත ඉතිහාසයේ තරගකාරීම තරගාවලිය වනු ඇත.

ඉසව්වේ පළමුවැනි ස්ථානය වෙනුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සටන් කරණු ඇති අතර, තවත් බොහෝ පිරිසක් මලල ක්‍රීඩාවෙන් ඈත් වනු ඇත.

 

 

 

 

 

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org