මහ ඇමතිගේ පමාවෙන් ඌව ක්‍රීඩකයන් ජාතික මහා ක්‍රීඩා උළෙලෙන් ඉවත්වන ලකුණු
|මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත වේ.
කෙසේ වෙතත්, පසුගිය වසරේ දී ජාතික මහා ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනාගත් ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම වසරේ තරගාවලියට සහභාගී නොවීමේ අවධානමක් මතුව තිබේ.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද නියෝජනය කරනු ලබන්නේ ද බදුල්ල දිස්ත්‍රික්කය වේ.
ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන්, ඌව පළාත් සභාව විසින් මූල්‍ය ප්‍රධානයක් සිදු කිරීම වසර ගණනක් තිස්සේ සිදුකලේය. නමුත් පසුගිය වසරේ පදක්කම් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබා දීමට නියමිත මූල්‍ය ප්‍රධානය මේ දක්වා ප්‍රමාද කරමින් ඇති බව වාර්තාවේ.
වාර්ශික වර්ණ ප්රධානෝත්සවයේ දී එම මුදල ලබා දීමට නියමිත වුවද, පළාත් මහ ඇමතිවරයාට වර්ණ ප්‍රධානය සඳහා දිනයක් වෙන් කරගැනීමේ අපහසුතාව හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කනස්සල්ලට පත්ව සිටියි.
ජාතික කණ්ඩායම ද නියෝජනය කරන බොහෝ පිරිසක්, ඌව පළාත් කණ්ඩායම නියෝජනය කරන අතර, මේ අනුව තවදුරටත් ජාතික මහා ක්‍රීඩා උළෙලට මූලිකත්වය ලබා දීමට ඔවුන් මැලිවනු ඇත.