මංජුල කුමාරට ජාතික ශූරතා තරගාවලිය මග හැරෙයි
|දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසුව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ අදහසින් පසුවූ මංජුල කුමාර විජේසේකරට එම අවස්තාව මග හැරීමේ අවධානමක් මතුව තිබේ.
ඒ, දෙසැම්බර් මස පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් තේරීම් තරගාවලිය ලෙස ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නම් කිරීමයි.
මේවන විට ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් වල නිරතවන මංජුලට, ජාතික ශූරතා තරගාවලියට සහභාගීවීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.
කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් වෙනත් දිනක තරග කර සුදුසුකම් සැපිරීමට ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.