කාගේ හෝ වරදින් නිලානීට සාග් දොර වැසේ ද ? 

By www.ceylonathletics.com | | Latest News, Sinhala

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවෙමින් රන් පදක්කමක් දිනා ගැනීමේ අරමුණින් පසුවූ කාන්තා මීටර් 3000 බාදක දිවීමේ ඉස්ව්වේ ශ්‍රී ලංකා වාර්තාව ද හිමි නිලානී රත්නායකට එම අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබේ.

නිලානී ජාතික ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේදී, මීටර් 3000 බාදක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් රන් පදක්කම දිනා ගත් අතර, මීටර් 5000 ඉසව්වේ දී අසනීප තත්ත්වයක් නිසා අතර මග නතර වූවාය.

මීටර් 3000 බාදක දිවීමේ ඉසව්වට මෙන්ම, මීටර් 5000 ඉසව්වට ද දක්ෂතා දක්වන ඇය, මීටර් 3000 බාදක දිවීමේ ඉසව්වට වැඩි අවධානයක් යොමු කර ඇත්තේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම දිනා ගැනීමේ අරමුණිනි.

නමුත්, මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව ඉවත් කිරීමට සංවිධායකයන් තීරණය කර ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුවත් කර ඇති නමුත් නිලානී රත්නායකගේ පුහුණූකරුවන සජිත් ජයලාල් මහතාවෙත එය දැනුම් දී ඇත්තේ,  ජාතික ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ බාදක දිවීමේ ඉසව්ව පැවැත්වීමට දින කිහිපයක් තිබිය දී බව වාර්තාවේ.

ඒ වනවිටත්, බාදක දිවීම ඉසව්ව වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකර පුහුණු කටයුතු සිදුකර තිබූ බැවින් තරගයට සහභාගී කරවීමට තීරණය කර තිබේ.

මේ අනුව නිලානී රත්නායකට, මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමිවී ඇත.

2016 වසරේ දී ද මීටර් 3000 බාදක දිවීමේ ඉසව්ව නොපැවැත්වීම හේතුවෙන්, නිලානී මීටර් 1500 හා මීටර් 5000 ඉසව් වෙනුවෙන් පුහුණු වී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූවාය.

නිලානීට මෙම අසාධාරණය සිදු වූයේ කාගේ වරදින් ද ?

ආසියානු ශූරතා මලල ක්‍රිඩා තරගාවලියේ දී පදක්කමක් දිනා ගැනීමට පෙනි පෙනී, ඇද වැටීම හේතුවෙන් එම අවස්ථාව නොලද ඇයට, දකුණු ආසියානු දොර වැසෙන්නේ බලධාරීන්ගේ නොසැලකිලිමත් කම නිසා ද ?

නිලානී හා ආර් එම් එස් පුෂ්පකුමාර

මේ ආකාරයෙන්ම මීටර් 3000 බාදක දිවීමේ පිරිමි ඉසව්වේ ජාතික ශූරයා වන ආර්.එම්.එස්. පුශ්පකුමාර හා ඔහුගේ පුහුණුකරුවෙතද එම ඉසව්ව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඉවත් කර ඇති බව දන්වා නැත.

ඒ හේතුවෙන්, මීටර් 3000 ඉසව්වට වැඩි අවධානයක් යොමුකරමින් රන් පදක්කම දිනා ගත් පුශ්පකුමාරට ඉහත තොරතුරු දැනගැනීමට ලැබී ඇත්තේ, ඉස්වෙන් පසුවයි.

ඒ හේතුවෙන්ම ඔහුට එදිනම සවස මීටර් 5000 ඉසව්වට සහභාගී වීමට සිදුවූ අතර, එය ජයග්‍රහණය කරමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අවස්තාව සලසා ගැනීමට සමත්විය.

කෙසේ වෙතත් මෙලෙස නොසැලකිලිමත් කම හේතුවෙන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් මානසීක පීඩනයට මෙන්ම ශාරීරික ආබාද වලට ලක්වීමේ අවදානයක් ද තිබේ.

මේ අතර, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රභල සාමාජිකයෙකු ලෙස ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙලෙස තරග ඉසව් ඉවත් කිරීම ගැන තම විරෝධතාව පළ කළ යුතුව තිබූ බව ද පුහුණුකරුවන් පවසයි.

wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org