කරුණානන්ද මතකයට ගෙන ආ අධිකාරී – යුද්ධ හමුදා මලල ක්‍රීඩා – මීටර් 10000 කාන්තා

By www.ceylonathletics.com | | Latest News, Sinhala

යුද හමුදා මලල ක්‍රීඩා ශුරතාවලියේ වාර්තා පිට වාර්තා බිඳ වැටෙද්දී එක් කෙසඟ ක්‍රීඩිකාවක් තමන් වෙත කාගේත් අවධානය යොමුකරවා ගැනීමට සමත් වූවාය.

මීටර් 10000 ඉසව්වට සහභාගීවූ ඇය ක්‍රීඩා දිවියේ අමතක නොවන දිනයක් ගත කළාට සැක නැත.

එම ඉසව්ව මිනිත්තු  36:43.9 කින් නිමකරමින් යුද හමුදා 4 වැනි කාන්තා බලකායේ එම් එන් නන්දසේන ජය ගත් අතර එය නව තරගාවලි වාර්තාවක් ලෙස ද වාර්තා අතරට එක්විය.

දෙවැනි ස්ථානය 2 වැනි කාන්තා බලකායේ එස් එන් බණ්ඩාර විසින් දිනා ගනිද්දී තුන්වැනි ස්ථානය 7 වැනි කාන්තා බලකායේ ඩබ්.එම්. හේරත් හිමිකරගත්තාය.

තරගය අවසන් කළ ක්‍රීඩිකාවන් 9 දෙනා අතරින් අවසන් ස්ථානයට පත් වූ 5 වැනි කාන්තා බලකායේ ඩී පී අධිකාරී තරගය අවසන් කිරීමට මිනිත්තු 57.05.7 ක කාලයක් වැය කළේය.

එය තරගය ජයගත් නන්දසේනට සාපේක්ෂව මිනිත්තු 21 කට පසුව වන අතර, 8 වැනියාට වඩා මිනිත්තු 12 කට පසුවයි.

සෙසු සියල්ලන්ම තරගය අවසන් කර තිබිය දී ද ඉතිරි තරග වට 4 ක් නොපසුබට උත්සාහයෙන් තනිව තරග කිරීම රැස්ව සිටි සැමගේ පැසසුමට ලක්විය.

බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණයම පමණක් බලාපොරෝතුවුවද ජය පරාජය මෙන්ම ක්‍රීඩා ශීලීත්වයද ක්‍රීඩාවටම ආවේණික ගුණාංගයක් බව පසක් කළ යුතුය.

ඇය ධාවනව අවසන් වන තුරු ක්‍රීඩාංගණයේ තරග ආරම්භය සඳහා රැඳී සිටි මීටර් 200 ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අධිකාරීගේ උත්සාහයට අත් පොලසන් දෙනු දැකගත හැකි විය.

ක්‍රීඩාංගණයේ සියලු දෙනා අධිකාරිට ශක්තියක් වෙමින් අත්පොලසන් දෙමින් දිරිගැන්වීම 1964 ජපානයේ පැවැති ඔලිම්පික් උළෙලේ දී, රණතුංග කරුණානන්ද ලෝකයටම පෙන්වූ ආදර්ශය මතකයට නැංවීය.

ක්‍රීඩකයා සැමවිටම ජයග්‍රහණයේ දී පමණක් ඉස්මතුවන්නේ නැත. ක්‍රීඩාවට ඇති ගෞරවය හා ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම ක්‍රීඩාවේ කොටසක් වේ.

56TH ARMY  ATHLETICS CHAMPIONSHIPS – 2019
EVENT NO 121 10000M WOMEN FINAL
PLACE BIB UNIT NO RANK ATHLETE NAME UNIT PERFORMANCE REMARKS
1 770 S/R101347 PTE NANDASENA HMN 4(V)SLAWC 36:43.9 * NMR
2 738 S/R100426 PTE BANDARA ASN 2(V)SLAWC 39:27.1
3 730 S/725866 PTE HERATH  HMWGWM 7SLAWC 40:22.3
4 740 S/R101401 PTE DAMAYANTHI HWC 2(V)SLAWC 41:50.1
5 705 S/2085161 REC SUGATHPALA MGIK SLSC(W) 41:53.8
6 769 S/R101199 PTE BUDDHIKA GM 4(V)SLAWC 43:48.0
7 708 S/2085937 REC RATHNAYAKA RMNM SLSC(W) 45:06.5
8 704 S/2081383 REC NIDARSHANI  WMN SLSC(W) 45:19.2
9 786 S/R100670 PTE ADIKARI   AMDP 5(V)SLAWC 57:05.7
wrapper -->
Please contact Athletics Association of Sri Lanka for more information via +94112 682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org
මෙය ක්‍රීඩාවට ආදරේ කරන ක්‍රීඩා ලොලීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන වෙබ් අවකාශයක් වන අතර, මෙහි සඳහන් තොරතුරු නිළ තොරතුරුවලින් වෙනස් වීමේ අවස්ථාවක් ඇති බවත් කරුණාවෙන් සලකන්න. නිළ ප්‍රකාශ හා නිළ නිවේදන පදනම් කරගනිමින් කරුණු ඇතුළත් කළ ද ඇතැම් අවස්ථාවල දී සිදුකරනු ලබන වෙනස් කම් අපවෙත වාර්තා වන්නේ නැත. වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය අමතන්න. +94112682329/ +94112676163/ +94112676162 or sri@mf.iaaf.org