දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැවත කල් යාමේ අවධානමක්
|නේපාලයේ දී දෙසැම්බර් මස 1 වැනි දින සිට 10 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට බාධාවක් එල්ල වී තිබේ.
ඒ, නේපාල ඔලිම්පික් කමිටුවට වාරණ නියෝගයක් ලබා දීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබීම හේතුවෙනි.
ඒ අනුව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු අඩාල වීමේ අවධානමක් මතුව තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර, එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ, තරගාවලියට ක්‍රීඩා සංකීර්ණය මේ දක්වා සූදානම්ව නැති බවයි.
තවත් මාස තුනකට අඩු කාලයක් ඉතිරිව ඇතත්, එම කාලය තුළ අවශ්‍ය පහසුකම් සැලසීමේ හැකියාවක් ලැබේදැයි සැක සහිත බවත් එම වාර්තා පෙන්වා දෙයි.
නේපාලයට බලපෑ ප්‍රභල භූ කම්පනය හේතුවෙන්, කත්මන්දු ක්‍රීඩා සංකීර්ණය මුලුමනින්ම පාහේ විනාශ වූ බවත්, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් නැවත ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ ද නැවත එය ඇණ හිට ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි.