මාලිංග නිසා ශ්‍රී ලංකාව ගැන දන්න හෙල්ල විසිකරන ඇන්ඩර්සන් පීටර්ස්
|කැරීබියානු දූපත් සමූහයට අයත් තවත් දූපත් සමූහයකින් සැදුනු ග්‍රෙනේඩාවේ හෙල්ල් විසිකිරීමේ ශූර ඇන්ඩර්සන් පීටර්ස් පසුගිය වසර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. තවමත් 21 හැවිරිදි වියේ පසුවන ඔහුගේ හොඳම දක්ෂතාව ලෙස සැලකෙන්නේ මෙම වසරේ දී දැක්වූ මීටර් 87.31 ක්.
එය මෙම වසරේ ක්‍රීඩකයන් දක්වා ඇති ඉහළම දක්ෂතා අතර 8 වැනි ස්ථානයේ පවතියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශයින් ඇලුම් කරන ඇන්ඩර්සන් සිලෝන් ඇත්ලටික්ස් සමගින් අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ මෙම තරගාවලියේදී මීටර් 90 ක දක්ෂතාවක් දැක්වීමට අදහස් කරන බවයි.
මේවනවිට ඇමරිකාවේ අධ්‍යාපනය හදාරමින් ක්‍රීඩා යෙදෙන ඔහුගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් ද, අදහස් පළ කළේය.
2016 කණිෂ්ඨ ලෝක ශූරතාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගැනීම තම ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂය ලෙස සලකන බව පවසූ ඇන්ඩර්සන් ඉන් අනතුරුව ඇමරිකාවේ දී පුහුණුවීම් සිදුකරමින් ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථාව තම ක්‍රීඩා දිවිය වර්ධනය උදව් වූ බව ද පැවසීය.
මේවන විට මිසිසිපි ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් පුහුණුවීම්වල නිරත වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, ඔහු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙතුවෙන් ශ්‍රී ලංකාව ගැන දන්නා බවයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා අනුව කුඩා රටක් බව සිතා ගත නොහැකි බවත්, ලසිත් මාලිංග ඉන් විශේෂ බවත් ප්‍රකාශ කළේය.
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අනිද්දා (27) වැනි දා සිට පැවැත්වේ
වීඩියෝව (සම්පූර්ණ සාකච්ඡාව වීඩියෝ ගත කිරීමට අවසර නොමැත)