Video: වාර්තා පිට වාර්තා අලුත් වූ සුපිරි බාධක තරගය
|ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්ව වාර්තා අලුත් වූ වේගවත් තරගයක් ලෙස කාගේත් අවධානයට ලක් විය.
තරගය ආරම්භවනවාත් සමගම කෙන්යාවේ බියට්‍රිස් චෙප්කොඑච් තරගයේ ඉදිරිය ලබා ගනිමින් තනිවම වේගවත් ආරම්භයක් ලබා ගත් අතර, සෙස ක්‍රීඩිකාවන්ට ඇය හඹා යාමට තරගය අවසන් වන තුරු චෙප්කොඑච් ඉදිරිය තහවුරු කරගනිමින් වේගවත් අවසානයක් සටහන් කළාය.
ඇයගේ වේගය, අභිබවා යාමට මහත් වෙහෙසක් දැරූ සෙසු ක්‍රීඩිකාවන්ට ද තරගය අවසානයේ සැනසුම් සුසුම් හෙළීමට හැකියාව ලැබිණ.
තරගයේ රන් පදක්කම දිනා ගත් චෙප්කොඑච් තරගාවලි වාර්තාවද අලුත් කරමින් 8:57.84 ක දක්ෂතාවක් දැක් වූ අතර, රිදී පදක්කම දිනා ගත් ඇමරිකායේ එමා කෝබර්න් ද පුද්ගලික හොඳම කාලය (9:02.35) වාර්තා කළාය.
කෝබන් 2017 වසරේ දී ලෝක ශූරතා රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව ද වන අතර, ඇයගේ කාලය වාර්ධනය කරගැනීමට ද චෙප්කොඑච්ගේ වේගවත් තරග අවසානය පිටුවහලක් විය.
තුන්වැනි ස්ථානය දිනා ගත්, ජර්මනියේ ගීසා ක්‍රවුස් ද පුද්ගලික හොඳම කාලය ලෙස 9:03.30 ක දක්ෂතාවක් දක්වමින් එරට ජාතික වාර්තාව තමන් සතු කරගත්තාය.
මෙම තරගයේ දී, පුද්ගලික හොඳම කාලයන් 6 ක් වාර්තා වූ අතර, ඉන් තුනක් ඒ ඒ රටවල ජාතික වාර්තා වීමද විශේෂත්වයක් වේ.
POS | BIB | ATHLETE | COUNTRY | MARK |
---|---|---|---|---|
1 | 1302 | Beatrice CHEPKOECH | KEN | 8:57.84 CR |
2 | 1959 | Emma COBURN | USA | 9:02.35 PB |
3 | 955 | Gesa Felicitas KRAUSE | GER | 9:03.30 NR |
4 | 377 | Winfred Mutile YAVI | BRN | 9:05.68 PB |
5 | 1808 | Peruth CHEMUTAI | UGA | 9:11.08 SB |
6 | 1968 | Courtney FRERICHS | USA | 9:11.27 |
7 | 613 | Anna Emilie MØLLER | DEN | 9:13.46 NR |
8 | 1311 | Hyvin KIYENG | KEN | 9:13.53 |
9 | 102 | Luiza GEGA | ALB | 9:19.93 NR |
10 | 196 | Genevieve GREGSON | AUS | 9:23.84 SB |
11 | 712 | Mekides ABEBE | ETH | 9:25.66 PB |
12 | 1663 | Maruša MIŠMAŠ | SLO | 9:25.80 |
13 | 1492 | Karoline Bjerkeli GRØVDAL | NOR | 9:29.41 |
14 | 434 | Geneviève LALONDE | CAN | 9:32.92 |
1305 | Celliphine Chepteek CHESPOL | KEN | DNF |