නිමාලිට රිදී පදක්කමක් – සාරංගීට සිව්වැනි ස්ථානය
|ලෝක ආරක්ෂක සේවා ක්රීඩා උළෙලේ අද පැවති මීටර් 800 කාන්තා අවසන් තරගයේ දී ශ්රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ගුවන් හමුදාවේ නිමාලී ලියනාරච්චි සමත් වූවාය.
ඇය මිනිත්තු 2:06.14 ක කාලයක් ඒ සඳහා වැය කළ අතර, පළමුවැනි ස්ථානය දිනාගත් යුක්රේනයේ නතාලියා ප්රයිශෙපා මිනිත්තු 2.05.14 ක කාලයක් වැය කළාය.
ලෝකඩ පදක්කම බහරේනයේ කොරි නෙලීට හිමිවිය.
අවසන් තරගයට සහභාගී වූ නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්නට 8 වෙනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදු වූවාය.
මේ අතර, අද පැවැති දුර පැනීමේ අවසන් තරගයේ දී යුද්ධ හමුදාවේ සාරංගී සිල්වා මීටර් 6.15 ක දක්ෂතාවක් දක්වමින් සිව්වැනි ස්ථානය හිමිකර ගත්තාය. එය ඇය පුද්ගලිකව නිල වශයෙන් දැක්වූ හොඳම දක්ෂතාවද මෙයයි.
ප්රංශ ක්රීඩිකාවක වන හිල්රෝයි පාචා මීටර් 6.54 ක දක්ෂතාවක් දක්වා රන් පදකමත්, පිළිවෙලින් ජර්මනියේ හා බ්රසීලයේ ක්රීඩිකවන් දෙදෙනෙකු මීටර් 6.49 හා මීටර් 6.39 ක් ලෙස දක්ෂතා දක්වා රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තාය.
යගුලිය විසිකිරීමේ කාන්තා අවසන් තරගයට සහභාගී වූ ගුවන් හමුදා ක්රීඩිකා තාරිකා ප්රනාන්දු ට 10 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවූවාය.