තුන් පිම්මෙන් වැඩ පෙන්වූ හෂිනි සාග් කණ්ඩායමට
|එළබෙන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩායම සදහා ඇතුලත් නොවූ තුන් පිම්ම පැනීමේ ක්‍රීඩිකා හෂිනි බාලසූරිය නැවතත් ඇයගේ දක්ෂතා සලකා බලා කණ්ඩායමට ඇතුලත් කර තිබේ . හෂිනි පසුගිය ජාතික ශුරතවලියේදී තුන්පිම්ම ඉසව්වෙන් දෙවන ස්ථානයට පත්වුයේ විදුෂා ලක්ශානිට පසුපසින් මීටර 12.95ක දක්ෂතාවයක් දක්වමින් .
නමුත් ක්‍රීඩා අමාත්යංශය ,මලල ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රමාණය අඩු කරන ලෙස මලල ක්‍රීඩා සංගමයට දැනුම් දීමත් සමග තුන් පිම්ම ඇතුළු තෝරාගත් ඉසව් කිහිපයක දෙවන ස්ථානයේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාග් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබුවා .
එසේ ඉවත් කරද හෂිනි තෝරාගැනීමේ තරගාවලිය වූ ජාතික ශුරතවලියේදී දක්වනලද දක්ෂතාවය වන මීටර 12.95 පසුගිය 2016 වසරේ සාග් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමට සමාන බැවින් හා දකුණු ආසියානු ශ්‍රේණිගතකිරීම් සලකා බලනමෙන් ඉල්ලා ඇය අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එම අබියාචනය සලකා බැලූ ජාතික තේරීම් කමිටුව ඇයව කණ්ඩායමට ඇතුලත් කිරීමට එකගත්වය පල කළා. හෂිනි දැනට දකුණු ආසියානු ශේණිගතකිරීමේ ලයිස්තුවේ (ටොප් ලිස්ට්) 5 වන ස්ථානයේ පසු වන්නේ මීටර් 13.06ක මෙම වසරේ හොදම දක්ෂතාවයක් සමගින් .ඇය මීට පෙර තම හොදම දක්ෂතාවය වශයෙන් මීටර 13.40ක පිම්මක්ද පැන තිබෙනවා
මෙසේ සාග් කණ්ඩායමට ඇතුලත් නොවූ නමුත් පසුගිය වසරේ ලෝකඩ පදක්කමට වඩා දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවත් සිටින අතර ඔවුන්ද දැන් තමන් කණ්ඩායමට ඇතුලත් කරගනිවීයයි බලාපොරොත්තු දලවාගෙන පසුවෙයි