රට හරහා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා තරග විවෘත තරග ලෙස පැවැත්වේ
|පෙබරවාරී මස 6 වැනි දා නුවර එළියේ දී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා රට හරහා දිවීමේ තරගාවලිය මෙවර විවෘත තරගවලියක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙරට දී පැවැත්වීමට නියමිත දකුණූ ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් මෙලෙස මෙවර යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා රට හරහා දිවීමේ තරගාවලිය විවෘත තරගාවලියක් ලෙස පැවැත්වෙනු ඇත.
ඒ අනුව, යුද්ධ හමුදාව නියෝජනය නොකරන ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට ද මෙම තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව හිමිවනු ඇති.
කාන්තා හා පිරිමි විවෘත තරගවලට අමතරව, නුවරඑළිය ප්‍රදේශයේ පාසල් ක්‍රීඩක ක්‍රීඩාකාවන්ට ද තරග පැවැත්වෙන අතර, යුද්ධ හමුදා අධුනික මලල ක්‍රීඩා තරගාවලියට සමගාමීව පිරිමි රට හරහා තරගයක් ද පැවැත්වෙනු ඇති.
තරගාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එදින ලියාපදිංචි වීමේ අවස්ථාව හිමිවනු ඇති අතර, වෛද්‍ය වාර්තාවක් සමගින් ලියා පදිංචි විය යුතු වේ.
තොරතුරු සඳහා අමතන්න 0718318964