කොරෝනා නිසා ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාව වසරකින් කල් යයි
|චීනයේ නැන්ජින්හිදී මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණු ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාව කොරෝනා වෛරසය හේතුවෙන් ලබන වසරේ (2021) මාර්තු මාසය දක්වා කල් තැබීමට තීරණය කර තිබේ.
අදාළ ගෘහස්ථ තරගාවලිය ලබන වසරේ නැන්ජින් හිදීම පවත්වන්නට එරට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබීම සුවිශේෂී කාරණයක් විය.
එළැඹෙන අගෝස්තු මාසයේදී ජපානයේ ටෝකියෝ හිදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලද මෙවැනි තත්ත්වයක් මත අනාරක්ෂිතව පවතින බවට විදෙස් මාධ්‍ය සඳහන්කර සිටී.
– අරුණ පුවත්පත ඇසුරෙනි