Video: ලෝකය ඉදිරියට යද්දී අපි යන්නේ ආපස්සට – දමයන්ති දර්ශා
මෙරට කෙටිදුර ධාවන ක්ෂේත්රයේ යෝදයෙකු වූ ආසියානු ශූර දමයන්ති දර්ශා සමගින් සිදුකළ සාකච්ඡාවක දී, මලල ක්‍රීඩා ක්ෂේත්රයේ පසුබෑමට බලපා ඇති ප්‍රධාන කාරනා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කලාය.
ආසියානු වාර්තාවන්ට මෙන්ම, පාසල් වියේදීම ඔලිම්පික් වරම්ද හිමි කරගත් ඇය, පෙන්වා දෙන්නේ ජාතික සැලැස්මක් රහිතව ජයග්‍රහණ සම්බන්ධයෙන් සිතීම පවා නිශ්ඵල බවයි.
මෙරට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විටින් විට මතුවුවත්, ඔවුන්ට නිසි මග පෙන්වීමක් හා ඔවුන් රැකගැනීමට සැලස්මක් නොමැති වීම අඩුවක් බවද ඇය පෙන්වා දෙයි.
90 දශකය හා සසඳද්දි වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය ඉතා පහළ තත්ත්වයක පවතින බව අයගේ අදහස බවද පෙන්වා දුන්නාය.
නිළධාරීන් හා අමාත්‍යවරුන් මාරුවද්දී, සැලසුම් ඔවුන් සමගින් වෙනස්වීම වැලැක්වීම වැදගත් බව ද දර්ශා සඳහන් කලාය.
මේ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ඇති වගකීම ඇය පැහැදිලි කළාය.
එක රැයින් ලෝක මට්ටමට ළඟා විය නොහැකි බවත්, ඊට ඉවසීමෙන් තම දක්ෂතා කාලානුරූපීව දියුණු කර ගැනීමේ වැදගත් කමද දර්ශා පැහැදිලි කළාය.
සම්පූර්ණ වැඩසටහන නරඹන්න