එක රැයින් තරුවක් බිහිවෙන්නෙ නෑ. සිස්ටම් එකක් තිබිය යුතුයි – රොහාන් ප්‍රදීප් (Video)
|ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇති අවම පහසුකම් සඳහා විසඳුම් සෙවීමෙන් හා ඔවුන් රැකගැනීමට වැඩි පිළිවෙලක් සැකසීමෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නැවතත් පහසුවෙන් ලෝක මට්ටමට ළඟා වීමේ හැකියාව ඇති බව හිටපු ක්‍රීඩක රොහාන් ප්‍රදීප් කුමාර පවසයි.
මේවනවිට ඇමරිකාවේ නිව්යෝක් හී වාසය කරන ඔහු මේ බව පැවසුවේ අප සමගින් විශේෂ සාකච්ඡාවක නිරත වෙමින්.
ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි පමණින් පුද්ගලිකව උදව් උපකාර කළත්, ජාතික වැඩ පිළිවෙලක් ඒ සඳහා ක්‍රියාවට නැංවීම වෙනුවෙන්, මූලිකත්වය ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
එදා සිට අද දක්වා සිටි නිළධාරීන් ක්‍රීඩාවේ පසුබෑමට වගකිව යුතු බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් අවතක්සේරු නොකළ යුතු බවත් එහිදී අවධාරණය කළේය.
ඔහු පළ කළ අදහස් අඩංගු සම්පූර්ණ වැඩසටහන