ආධුනික මලල ක්‍රීඩා පුහුණුකරුවන්ට දින 12 පාඨමාලාවක් මේ මස දී
|2021 වසරේ සිට පුහුණුකරු බලපත්‍රය නොමැතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකිරීමේ අවස්තාව නොලැබෙන බවත්, ඒ අනුව අදාළ පුහුණුකරුවන්ට පාඨමාලාවක් අරම්භ කරන බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කරයි.
අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධව මෑතක දී සේවයට එක්වූ නවක පුහුණුකරුවන්ට මෙන්ම, ස්වේච්ඡා පුහුණූකරුවන්ට ද මෙම පාඨමාලාව විවෘත විය.
ඒ අනුව කළ සම්මුඛ පරීක්ෂණයෙන් ඊට තිස් දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් ඉහත පුහුණු පාඨමාලාව ලබන 25 වැනි දා සිට ඔක්තෝබර් 6 වැනි දා දක්වා කොළඹ 7 හොකී ක්‍රීඩාංගණ ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනු ඇත.
සාර්ථකව පාඨමාලාව අවසන් කරන පුහුණුකරුවන් හට සහතික පත්‍ර පිරිණමන අතර, ඉහළ දක්ෂතා දක්වන්නන් ඉදිරියේ දී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අදියර 1 පාඨමාලාවට සහභාගී කරගනු ඇති.