හිරුණි හා සැමියා හෙට තරග බිමේ – Live Stream
|
දකුණු ආසියානු මැරතන් වාර්තාව හිමි හිරුණි විජේරත්න, පෝලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා අර්ධ මැරතන් තරගයට හෙට සහභාගී වීමට නියමිතය.
ඇය මෙහිදී තරගවදින්නේ, වෙනිසියුලානු ජාතික මැරතන් ශූරයෙකුවන තම සැමියා සමග වීම විශේෂත්වයක් වේ.
හිරුණි මෙම වසර මුලදී, මීටර් 5000 ශ්‍රී ලංකා වාර්තාව ද තමා සතු කරගැනීමට සමත් වූවාය.
ඇමරිකාවේ කොලරාඩෝ හී වෙසෙන හිරුණි හා ලුවිස් ඕර්ටා, එක්ව පුහුණුවීම් සිදුකරන අතර, ඔවුන් දෙදෙනාම අර්ධ මැරතන් ඉසව්වේන් ජාතික වාර්තාව සතු කරගෙන සිටීම විශේෂත්වයක් වේ.
හිරුණි හා සැමියා ලුවිස් මීට පෙර 2017 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී, මැරතන් ඉසව්වට සහභාගී වී ඇත.
ලෝක ශූරතා අර්ධ මැරතන් තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිත වන අතර, එය සජීවීව නරඹීමේ අවස්ථාවද හිමිවනු ඇත.
කොවිඩ් හේතුවෙන් ලොව ක්‍රීඩා තරගාවලි පැවැත්වීමට බාධා මතු වූ අතර, මෙම වසරේ ලෝක මට්ටමින් පැවැත්වෙන එකම මලල ක්‍රීඩා තරගය වන්නේ ද, මෙම තරගයයි.
මීට රටවල් 50 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් සහභාගීවීමට නියමිතවේ.