ලොක්ඩවුන් බැම්ම බිඳ 35 වසරක වාර්තාව අලුත් කළ ශානිකා ලක්ෂානි
|ජාතික ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී කාගේත් ඇස් ජේශ්ඨ ක්‍රීඩාක ක්‍රීඩිකාවන් වෙත යොමුවද්දී, නිහඬව සිය පුද්ගලික දක්ෂතා අලුත්කිිිිිිරීමට ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ ශානිකා ලක්ෂානී සමත් වූවාය.
මීටර් 800 කාන්තා ඉසව්වට සහභාගී වූ ඇය, 2:08.90 ක දක්ෂතාවක් දැක්වමින් සිව්වැනි ස්ථානයට පත් වූවද, ඇයගේ දක්ෂතාව ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වූ පරිසාදන මට්ටම (2:08.70) අසලමට යාමක්.
ඇයට ඒම අවස්ථාව අහිමිවන්නේ තත්පර් දසශම 2 කිනිිිි.
ඉන් අධෛර්යයට පත්නොවූ ඇය මීටර් 1500 ඉසව්වට ද සහභාගීවෙමින් තම උපරිම දක්ෂතාව දක්වමින් මින් වසර 35 කට පෙර 1985 වසරේ දී හිටපු ඔලිම්පික් ක්‍රීඩිකා ධම්මිකා මැණිකේ සතුවූ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් වූවාය.
ඇය ඒම ඉසව්වේ ද සිව්වැනි ස්ථානයට පත් වූයේ 4:33.40 දක්ෂතාවක් දක්වමිනි.
කෙරෝනා දෙවැනි රැල්ලත් සමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන බොහෝමයක් හුසකලා කළ අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කටයුතු කරගැනීමට බොහෝ බාධා මතුවිය.
කෙසේ වෙතත්, ඔවුන් පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක, ක්‍රීඩා අමාත්‍යංශය හා වෛද්‍ය අංශවල සහයෝගයෙන් ගමපහ හුදකලා පුහුණු කණ්ඩායමක් ලෙස පුහුණුවීම් ඇරඹීය. ඊට ශනිකා ලක්ෂානිගේ පුහුණුකරුවන මධුර පෙරේරා හා දිස්ත්‍රික්කයේ පුහුණුකරුවන් විශාල වෙහෙසක් ගත්තේය. ඔවුන්ගේ මහන්සියට ප්‍රතිඵල ලබා දීමට ශනිකා ලක්ෂානි සමත් වූයේ නිහඬ දක්ෂතාවකිනි.
හුදකලා පුහුණු කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවස්තාව සැලසු අදාල බළධාරීන්ට ස්තූතියි වන්තවිය යුතුය.
ලබන අගෝස්තුවල පැවැත්වෙන කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ශනිකා ලක්ෂානිට හැකි වේවායි පතමු.