නිලානී, නදීෂා ආසියානු ශ්‍රේණිගත කිරීම් හී දෙවැනි තැන; නිමාලී තුන්වෙනි තැන
|ලෝක මලල ක්‍රීඩා ලකුණු අනුව නදීශා රාමනායක හා නිලානී රත්නායක ලෝක ශේණිගත කිරීම්හී පිලිවෙලින් 51 වැනි හා 35 වැනි ස්ථානවල පසුවෙයි.
ලෝක මලල ක්‍රීඩා සංගමය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතා අනුව ප්‍රසාද ලකුණු ලබා දෙන අතර ඒ අනුව අදාල වකවානුව තුල ලබාගත් ලකුණු අනුව මෙම ස්ථාන තීරණය වී ඇත. නදීෂා හා නිලානී දෙදෙනාම ආසියානු කලාපයේ දෙවැනි ස්ථානයේ පසුවීම විශේෂත්වයක්.
පිලිවෙලින් මීටර් 400 න් හා මීටර් 3000 බාදක ඉසව්වලට, නයිජිරියාවෙන් හා කෙන්යාවෙන් පැමිණ බහරේනය නියෝජනය කරන සල්වා නසර් හා වින්ෆ්‍රඩ් යාවී, නදීශාට හා නිලානීට ඉදිරියෙන් පසුවේ. ලකුණු ලබාදෙන කාල සීමාවේ දී ප්‍රධාන පෙළේ තරගාවලිවලදී අඛණ්ඩව දැක්වූ දක්ෂතාවන් හේතුවෙන් මෙලෙස මෙරට ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට වැඩි ලකුණු ලැබී තිබීම විශේෂතවයක් වේ.
එසේම නිමාලී ලියනාරච්චි මීටර් 800 ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හී 57 වැනි ස්ථානයේ පසුවන අතර ආසියානු ශේණිගත කිරීම්හී තුන්වැනි ස්ථානයේ පසුවෙයි. මීට අමතරව අංජනි පුල්වන්ස (දුරපැනීම) හා විදුෂා ලක්ෂානි (තුන් පිම්ම) ආසියානු ශ්‍රේණිගත කිරීම් වල 5 වෙනි ස්ථානය හිමි කරගැනීමට සමත්වී ඇත .
මේ අතර, ක්‍රීඩකයන් අතරින් සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීමෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හී 30 වැනි ස්ථානයේ පසුවන අතර, ආසියාවේ 6 වැනි ස්ථානයේ රැඳී සිටියි.
මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලකුණු ලබා ගත හැකි තරගාවලිවලට සහභාගීවීමේ අවස්ථා අවම වුවද මෙලෙස දක්ෂතා අතර පසුවීම පැසසිය යුතුවේ. මොවුන්ට අමතරව පහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ශේණිගත කිරීම්හී ඉදිරියෙන් පසුවේ.
ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණි ගත කිරීම යනු කුමක්ද
ශ්‍රේණිගත කිරීම් සිදු කරන්නේ කෙසේද
Top SL Athlete’s positions in Asian Rankings
(As At 29 December 2020)
Asian Ranking Position | Name | Event | Ranking Score |
Female | |||
02 | Nadeesha Ramanaaka | 400m | 1147 |
02 | Nilani Rathnayaka | 3000m SC | 1180 |
03 | Nimali Liyanarachchi | 800m | 1145 |
05 | Gayanthika Abeyrathne | 800M | 1124 |
05 | Anjani Pulwansa | Long Jump | 1028 |
05 | Vidusha Lakshani | Triple Jump | 1091 |
06 | Dilshi Kumarasinghe | 800m | 1099 |
06 | Nimali Liyanarachchi | 1500m | 1052 |
07 | Gayanthika Abeyrathne | 1500m | 1035 |
08 | Hashini Balasooriya | Triple Jump | 1044 |
10 | Dilshi Kumarasinghe | 400m | 1071 |
10 | Nadeeka Lakmali | Javelin Throw | 1033 |
Male | |||
06 | Sreshan Dhananjaya | Triple Jump | 1133 |
06 | Sumedha Ransinghe | Javelin Throw | 1126 |
08 | Rusiru Chathuranga | 800m | 1073 |
11 | Aruna Darshana | 400m | 1104 |
How Ranking has been calculated (Individual Athletes)
Event Rankings