ක්‍රීඩක ක්‍රීඩිකාවන් අමාත්‍යංශය සමග ගිවිසුමකට – වෘත්තීය තත්වයට පත් කරේ
|මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්ත්වය ඉහළ දමමින් අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් නව වැඩපිළිවෙලකට වැඩ ඇරඹෙයි.
ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දක්ෂතා අනුව මාසික දීමනාවක් හිමිවන අතර පෝෂණය සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් හා පුහුණු කටයුතු සඳහාද ක්රමානුකූල වැඩසටහනක් දියත් කිරිමට නියමිතවේ.
එසේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින් ගිවිමුමකට එළඹෙමින් වෘත්තීයභාවයක් ලබා දීමට සැලසුම් කර ඇත.
අදාල වැඩසටහනට අනුව, ප්‍රධාන තරගාවලිවලදී දක්වන දක්ෂතා අනුව මූල්‍ය ත්‍යාගද හිමිවනු ඇත.