සුපිරි සංචිතයට මූල්‍යාධාර ලැබෙයි.. දක්ෂතා අනුව සෙස්සන්ටත් අනාගතයේ අවස්ථාව
|ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ක්‍රීඩකයන් බලාත්මක කිරීමේ වැඩසටහන අනුව මූල්‍යාධාර ලබා දී ඇති බව වාර්තාවෙයි.
මෙතෙක් පෝෂණ දීමනාවක් පමණක් ලබා දුන් පසුබිමක එය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමටත්, පෝෂණ දීමනාවක් ඊට අමතරව ලබා දීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ක්‍රීඩා කමිටුව කටයුතු සැලසුම් කළේය.
මලල ක්‍රීඩාවද ඇතුළුව සෙසු ක්‍රීඩා සඳහා ද එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල හා සෙසු ජාත්‍යන්තර තරග හා පදක්කම් අවස්ථා විවර කරගැනීම මෙම සැලසුමේ අරමුණනයි.
එසේම එළඹෙන තරගාවලිවලදී දක්වන දක්ෂතා අනුව සුපිරි සංචිතය හා සෙසු සංචිත සඳහා ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවනු ඇත.
මෙම වැඩපිලිවෙල හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මානසිකව හා මූල්‍යමය වශයෙන් ශක්තිමත් වනු ඇති අතර, ක්‍රීඩාව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආකාර්ශනය කරගැනීමට ද ඉවහල් වනු ඇත.